Posts

Showing posts from July, 2024

2024-07-27: සාවකෝ -අද දවසේ ජීවිත් වෙන්නේ ඇයි?

 *ධම්මජීව ස්වාමින්වහන්සේගේ ශ්‍රාවකෝ දේශනාව ගැන* හිමියන් දහම්දිව් ගරුතර දොඩංගොඩ ඇවිදින් දහම් මණ්ඩපයේ මැදට වැඩ ගුණයෙන් සියලු ලෝ සත සිත් මෙතින් මැඬ දෙසුයෙන් දම් අමා මතුකර සීහ හඬ බැතිපෙම් වඩන බුදු හිමියන් තිලෝගුරු සඳහම් රුවන, මිල නොකලැකි ඉතා ගරු ලොවදම් ලෙසින් මතුවෙන, ලොව කරන සරු නමදිම් , උතුම් ගුණ හදතුල මෙතින් දැරු ඉන්නා කෙනෙක් සතුටින් අරමේ නැවති  ගෙන්නා ගන්න ආපසු, සමහරු සිතති දන්නා කලට ගුණ, නැවතෙති  වී කැමති වැන්නා එකල සිටි කළුදා(යි) නම් ඇමැති  ඇති කල හිතේ නිදහස් සුව මානසික  ගති නිවනටම නැඹුරුද? එල්ලයෙන් එක නිති උතුරටම හැරවෙන  මාලිමාවක දැති මෙන් වෙතොත්, ඔබ යනමග නොමැත සැක ඇතොත් එකක් දොස, මෝහය හෝ රාගේ ගතත් සිතත් පීඩාදෙයි එක වාගේ සමත් වෙතොත් මුදවන්නට සිත මාගේ තවත් උතුම් මඟුලක් නැත ඒ වාගේ පෙර කල දෙයින් ගොඩ නැංවෙන පරිසරය  කර ගෙන ත්‍රිවිධ මූලය, මූලික හරය අර ගෙන හැදෙන ලෝකය ලෙස සුර පුරය මර ණය වෙතම යති, නිවනත් හරි දුරය එකක් ලෙසින් පෙනුනොත් යම් දෙයක්  ලොවේ සැකක් නොමැත සිත තුල මහ කෙලෙස් මැවේ එකෙක් ගතේ තැවරුණ මඩ, මඩක් නොවේ නොයෙක් මුසා කීවොත් නැත නිවන් සුවේ උනොත් ...

හිසේ කැක්කුමට සෙත් කවිය

  සව්සත කෙරෙහි පැතිරුව මහ මෙත කුලුණූ ලොව් තුරු දහම සුරකින කර ගෙන පුහුණූ දෙව් බඹ පිරිස් පා මුල සිට වැඳ වැටුණූ ගෞතම මුණි පුතුන් නමදිමි ගුණ පිරුණූ ගුණ දැක මහ සඟුන්, අගනා මැණික් ලෙස දෙන මේ බෙහෙත් පිරිකර සහ ගිලන් පස ගෙන, හිස රුජා,වා ,පිත් සහ නොයෙක් දොස සැන සුම සුවය දේවා,  හැම ගැහැට පිස මෙපින් පැතිර ගොස් තුන් ලොව සතුන් වෙත දුකින් මිදේවා ගත සහ ඔවුන් සිත මෙයින් අපේ රෝ , දුක් , බිය කිසිත් නැත නිවන් දකින තුරු වේවා මහත් සෙත!!

2024-07-20: සාවකෝ -ඉවසීම පිරිහිලා ද?

 *මෙත්තාරාම ස්වාමීන්වහන්සේගේ * මෙත් අරමෙ  හිමි සඳ තෙත් වූ මෙතින් තම හද සිත් සුව කරන ලෙද වත් කරති, සඳහම් දම් අමා බිඳ ගැටෙන්නට තම ඇස ගරු සඝරුවන නිසි ලෙස කල පින් නිසා මිස අනෙක් දේකින් නොවේ  කිසි ලෙස දූටුවොත් නිම් ඇඳුම් කඩයේ ඔබ කැමති අරගෙන ගෙදර යනමෙන් එහිනොම නැවති පැහැදුනු කෙනෙක් බුදු සසුනේ ගුණ කැමති මෙහි මගවඩති ඇවිදින් අරමේ නැවති  හොඳ නරක දේ හැම අවබෝධයත් මුණි දම දුන් දේ , වෙතට තම නැවත ඒමයි, එයයි ලෝ දම ගෙවන මේ කලි යුග සසුනත් කෙටියි, නැහැ දිග වැඩිවෙන කෙලෙස් දඟ දුෂ්කරය වැඩුමට, අරිඅටඟි මග මව -පියා -ගුරු වරු පූජක පිරිස් අති ගරු ගුණයන් දකින තුරු වරදවා හැසිරෙති, දනෝ නිරතුරු  හීන වෙයි ඉවසුම පීඩා, නොමැත සැනසුම ක්ෂණිකවම විසඳුම  සොයයි, නොපැකිල කරයි වැනසුම දූ දරු සහ බිරිඳ  "මා නැති කලට කොහොමද?" හැඟුමකි මෙය බොලඳ පිනම පිහිටයි, ඔවුන් කල සොඳ උත්සහය සහ වෙර අදිටන පිහිටි ස්ථිර  කෙනෙකුට පිනෙන් තර බැඳුම් ගැලවිය හැක, ඉතාබර කරදර ඇති හිතේ පිටතින් හේතු නොමැතේ නුවණින් මේ මතේ දකින අය නම් හරිම සමතේ කැමති දෙය ඇලුණූ දූටුවොත් ලෙසින්  දරුණු  කැමැත්තට කරුණු  ඉවත්වෙයි,...

2024-07-13 - මහ දේශනාව

*අමාදස්සන ස්වාමීන්වහන්සේගේ මහ දේශනාව ගැන* හිමි සඳ අම දසුන් සොමි ගුණ පිරුණු මුහුනින් නිමි නැති මහ පෙමින් සමි ඳු වඩමයි හදට බැතියෙන් කාමයෙහි අපමණ දුක් ඇත කරන අසරණ  මට නැත අන් සරණ එකම පිහිටයි යෑම තිසරණ බාධක එයි ඇදී  අටලෝ දහම පරිදී බව ගිහිද පැවිදී කරන විදිහයි පැනය විසඳී අරගත් හුස්ම පොද සිව්පස කරුණු හතරද දෙත හැකි ඉතා හොඳ අගය, නැසුමයි ඇති කෙලෙස් කඳ කතරෙ යන කාලේ වතුරක් අවැසි වේලේ ධනය කල ආලේ නොවෙයි සරණය, රකින සීලේ දෙසූ ලෙස උතුමන් ඉටු කල යුතුය යුතුකන් ගමු සිතට තරයෙන් ද්විමානයි එය නොවේ තුන්මන් තොප්පියෙන් හාවා ගෙන මායාව පෑවා පස්කඳෙහි ගාවා "කෙනෙක්" නැහැ ඒ හැඟෙන ඒවා රැකියා ද තනතුරු  දූ දරු පවුල් තොරතුරු මේ සැම දේම බොරු සිතක් පමණකි නැගෙන නිරතුරු  කෑම වැසිකිළි යේ නැත, කාමයද එළියේ කෙළින සැනකෙළියේ රතිය නිම වෙයි මරුගෙ බිළියේ කාමය නම් ඵලය රූපය නැමති ප්‍රත්‍යය හේතුවෙන් ලෝභය නැගේ සිත්වල තිබෙන මෝහය! රෑ කලට අඳුරූ රූප නොදකින අයුරූ අවිදු ගණ අඳුරූ වසා පෙන්වයි බවක් සොඳුරූ ඇතිවේය රාගේ ගත්තම මමය, මාගේ මෙය එකක් වාගේ හැඟුම , දුක්ඛය නමැති වේගේ එකක් ලෙස පෙනෙනා මිස, එය එකක් නොවෙනා අනත්තය කියනා ලකුණ දක...

2024-06-29 :අමාදස්සන ස්වාමීන්වහන්සේගේ සෙනසුරාදා මහ දේශනාව

*අමා දස්සන ස්වාමීන්වහන්සේගේ සෙනසුරාදා මහ දේශනාව ගැන* හිමි අමා දස්සන සඳහම් දෙසන ලස්සන අමා වැසි වස්සන තෙමී නෑමට සැවොම රැස්වන පසඳුරන් ගෙන එන අරමුණු හේතු කරගෙන මුල් කර තමා ගැන තැනෙන ලෝකය ඉතා අසරණ  හේතුවට සෝකය අස්වාදයද, කෝපය බාහිරෙහි  නෑ එය ඇතුලෙ හැදෙනා ඔබේ ලෝකය  දරුවන්ට ආලය පැටළුණු අවුල් ජාලය අවිද්‍යා මූලය නිසා බිහිවෙන අන්ධබාලය දුටුව විට දරුවා මව්පිය භාර කරුවා කියා සිත දැරුවා අපිව සසරේ මුලා කෙරුවා ගොඩ නැගෙන හැටි හිත ගැලපී හේතු නිය මිත දහමින් තථාගත දකින  ඔබහට වේය යහපත! සාදු සාදු සාදු !!!

*Audio Recorder යන්ත්‍ර පූජාව*

*Audio Recorder යන්ත්‍ර පූජාව* මෙත් දිය දහර පරදන හැම මහ මූදූ සත්  හට අමා නිවනට යන මග සෑදූ උත් තම මුණිඳු සිව්සස් දම් කඳ පෑදූ අත් දෙක තබා නලලෙහි වඳිනෙමි සාදූ මුණිඳුන්  දෙසූ දහමෙහි ගුණ අකාලික පැණිමෙන් සුවය දෙයි සිත් වල මකාදුක ඇසුමෙන් වැසෙයි සත හට ඇති අපාදුක බැතියෙන් වඳින්නෙමි හැකිහැම වෙලාවක සිව්මඟ සතර ඵල ලැබුමට මග වඩන  දම්ගඟ රකින ලෝසත වෙත සෙත් සදන මහසඟ රුවන තුන්කල්හිම වැඩ වසන පස්අඟ නමා නමඳිමි ගරු ගුණ  සිතින දම්සක දෙසූ දින සිට බරණැසෙහි දුරූ සම්බුදු දහම රැකගත් තෙරවරුන් ගරූ මෙන් වත්මනෙහි සාසන කෙත කරන සරූ අරමේ ජේතවන වසනා ස්වාමි වරූ ගුරු හිමි , අමාදස්සන නායක තෙරිඳු ගරු දම්ජීව සහ මෙත් අරමේ සමිඳු සරු සඟ රුවන මෙහි වසනා ලොව පසිඳු මරු පරදන්න සැරසෙති බිඳිමින් අවිඳු නැති බව ලොවේ හරයක් මිස බව අනිසී නිති සඳහම් දෙසන කරුණා ගුණ ගැවසී දෙති අප අතට දම් ආයුද කඩු  කිණිසී පෙති ගා දමවු කෙළෙසුන් යනතෙක් වැනසී අනගාරිකා , අනගාරික , සිල් උවැසී දැන මඟ වඩන සිල් ශ්‍රාවක ගණ සැරසී දෙන දේ ලැබෙන නියමය තිරකර වෙසෙසී පින සහ නිවන යන දෙක නොලදොත් නොනිසී දෙසුමය , දහම් ශ්‍රවණය , දම් කතිකාව වැඩුමය , දහම් හඬගෑ...

2024-07-13: සාවකෝ-අමාරුම වෙලාවේ නොකළ යුතු දේ

 *මෙත්තාරාම ස්වාමීන්වහන්සේගේ සාවකෝ දේශනාව ගැන* මෙත් අරමේ සමිඳු අපගේ මහරගම සිත් සතුටින්ද? විමසති එහි වෙතින් සැම නෙත් කැල්මෙන් දිලෙන හද තුල තිබෙන පෙම සත් හට වැඩ පිණිස තෙපලති මුණිඳු දම දිරිමත් මවක් දෙඅනූ අවුරුදු වයස කිරිබත් දනක් දුන්නා ඇය පොඩි දවස ගුණවත් කම ඇගේ දකිමින් නොව අලස සතුටත් ලබමු "ලද දෙයකින්" ඇය විලස කල පව් ඇදී ආවොත් එය පල දීම තෙල නියමයකි හැමටම එක බලපෑම මුල දැක කර්මයෙන් වැලකී සිටියාම බලවත් විපාකද නැවතෙයි එක සේම කෙනෙක් කලොත් වරදක් කලකට පුරුදු නොයෙක් උපා  යෙදුවත් නොහැකිය දුරදු අනෙක් දෙයක් සරණක් නොමවෙන නමුදු උදක් දහම් පිහිටයි සම්මා සමිඳු රුව ගොඩ නැඟුනුවිට අරමුණු අනුව ඇසේ තව දේ හැඟුම් වශයෙන් සිත තුලට බැසේ බව උස, මහත, බර, හැඩ ඈ නොයෙක් රැසේ මවමින් අපේ ලෝකය ගොඩ නැගෙයි මෙසේ දැක්කම තාත්තා අසරණ, ගිලන් ඇඳේ දුක්ගිණි නැගෙන්නට හේතුව කිමද හදේ එක්කර සසැඳ ලෙඩ සහ සුව පියා සොඳේ දක්නා නිසයි වෙන්කර, මේ විඳින වදේ

2024-07-06: සාවකෝ -විශ්වයේ ශක්තිය නිවනට යොදන ක්‍රමය

 *ධම්මජීව ස්වාමීන්වහන්සේ සාවකෝ දේශනාව ගැන* දහම  ට ජවය දෙන හිමි සඳු දම් ජීව සැවොම සැපෙන් දැයි විමසති එහි ආව කොහොම ද මඟ වැඩුම ? අසමින් කරුණාව බොහොම හොඳින් අරඹති දම් වරුණාව පෙර කළ පිනෙන් ලැබ අගනා ඉසුරු රැස සුර සැප ලෙසින් විඳ සමගින් අන් පිරිස ඉර හඳ  දෙකෙන් වැඩගත් සීහළුන් ලෙස කර ඒ බලෙන් යහපත සැමටම නොලස ගුණ දැක අනුන් පැහැදුනු ගති ඇතිව හදේ ගෙන හිස මතට සැරියුත් මහ තෙරුන් ලෙදේ පින හැම එකට එකතුව එක දෙසට ඇදේ දෙන අම සුවය මොක් පුර වෙත වදිමු සොඳේ සිත ගොඩ නැගෙයි සැකසී එක එක හේතූ ගත යයි කියා ඇත්තේ සතරකි ධාතූ නැත මෙහි වෙසෙස් වෙන්කර ගත හැකි සත්තූ ඇත  එකවගේ අය, බැඳුනම සම හේතූ ක්‍රම මහ ගොඩකි දැකුමට ලෝකයේ තතූ හැම විදිහටම අනිසයමයි දැකිය යුතූ තම තමනටම ගැලපෙන පිළිවෙතින් සිතූ අම නිවනටම යේවා බෝධියෙන් පැතූ!