2024-07-13 - මහ දේශනාව

*අමාදස්සන ස්වාමීන්වහන්සේගේ මහ දේශනාව ගැන*


හිමි සඳ අම දසුන්

සොමි ගුණ පිරුණු මුහුනින්

නිමි නැති මහ පෙමින්

සමි ඳු වඩමයි හදට බැතියෙන්


කාමයෙහි අපමණ

දුක් ඇත කරන අසරණ 

මට නැත අන් සරණ

එකම පිහිටයි යෑම තිසරණ


බාධක එයි ඇදී 

අටලෝ දහම පරිදී

බව ගිහිද පැවිදී

කරන විදිහයි පැනය විසඳී


අරගත් හුස්ම පොද

සිව්පස කරුණු හතරද

දෙත හැකි ඉතා හොඳ

අගය, නැසුමයි ඇති කෙලෙස් කඳ


කතරෙ යන කාලේ

වතුරක් අවැසි වේලේ

ධනය කල ආලේ

නොවෙයි සරණය, රකින සීලේ


දෙසූ ලෙස උතුමන්

ඉටු කල යුතුය යුතුකන්

ගමු සිතට තරයෙන්

ද්විමානයි එය නොවේ තුන්මන්


තොප්පියෙන් හාවා

ගෙන මායාව පෑවා

පස්කඳෙහි ගාවා

"කෙනෙක්" නැහැ ඒ හැඟෙන ඒවා


රැකියා ද තනතුරු 

දූ දරු පවුල් තොරතුරු

මේ සැම දේම බොරු

සිතක් පමණකි නැගෙන නිරතුරු 


කෑම වැසිකිළි යේ

නැත, කාමයද එළියේ

කෙළින සැනකෙළියේ

රතිය නිම වෙයි මරුගෙ බිළියේ


කාමය නම් ඵලය

රූපය නැමති ප්‍රත්‍යය

හේතුවෙන් ලෝභය

නැගේ සිත්වල තිබෙන මෝහය!


රෑ කලට අඳුරූ

රූප නොදකින අයුරූ

අවිදු ගණ අඳුරූ

වසා පෙන්වයි බවක් සොඳුරූ


ඇතිවේය රාගේ

ගත්තම මමය, මාගේ

මෙය එකක් වාගේ

හැඟුම , දුක්ඛය නමැති වේගේ


එකක් ලෙස පෙනෙනා

මිස, එය එකක් නොවෙනා

අනත්තය කියනා

ලකුණ දකිනා කෙනෙක් නිවෙනා

Comments

Popular posts from this blog

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

26-04-2025: සාවකෝ : බුදුදහම ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්නද ?