Posts

සංකිච්ච/සංකිත්ත මහරහතන් වහන්සේගේ කථා වස්තුව

සංකිච්ච/සංකිත්ත මහරහතන් වහන්සේගේ කථා වස්තුව ගුණ යෙන් අසමසම බුදු හිමි නැමති සඳ පින ටම ලැබුණු සූ-අසු-දස් දහම්  කඳ සන සා දම් දෙසන මහ සඟ පිරිස තෙද ගුණ දැක බැතින් පැහැදී දණ  නමා වැඳ කල මුත් සියළු සතුරන් පරදා ඉවත බල වත් බිය සිතේ කෙලෙසුන් හා පැවත දුල අම නිවන ලද සිත තුල බිය නොමැත පෙළ ගස්වමු උතුම් සංකිත් ථෙර පුවත සැවැත් නුවර තිස් දෙනෙකුන් සිටි මිතුරූ වියත් මහළු පශ්චිම වයසත් සපිරූ අසත් මුණිඳු තෙපලන දම් පද මහරූ ඇවිත් මහණ වෙති බුදුසසුනේ  සොඳුරූ දහම් අසා හිඳ බුදු හිමි ඉදිරි පස තරම් නොවෙයි කෙලෙසුන් දුරුකලොත් මිස උතුම් නිවන් මග වැඩුමට වී නොලස වදිම් ඈත අරණක වැඩුමට තපස හැඳ, පා සිවුරු ගෙන වටිනා අවවාද  වැඳ බුදු රදුන් ලඟ වැතිරී සිරි පාද අද යන මගදි "සැරියුත්" හමුවෙනවාද තෙද බුදු වදන් පිළිගෙන වී අනුමෝද විත් මුණගැසී අගසව් හිමි සරිපුත්ත සත් වස් වයස හිමියන් දැක "සංකිත්ත" පත් වූ රහත් උතුමෙක් ලෙස නොම දත්ත  ලත් උපදෙසින් ගමනට එක් කර ගත්ත තිස් එක් නමක් හිමි වරු මෙලෙසින් සැදුන  රැස් වී කැලෑ බද පෙදෙසක වන අරණ හිස් කරලනු පිණිස කෙලෙසුන් හිත පිරුණ උස් වෙර දරති , වඩවා ගන්නට නුවණ සොර මුල,  ...
  හදා ගෙන "මමෙක්" එක්කර හැම දේම යොදා වෙහෙස, "පැවතිය යුතු" එක සේම සදා තන සැපක් ලද හැකි මඟ කීම මෙදා දෙසී හිමියන්  මෙත්තා රාම හුදෙක් දහම් ශ්‍රවණය නොගෙනෙයි නිවන මඳක් පමා නොව කල යුතුමය ප්‍රගුණ තැතක් කලොත් මිස යන්නට ඒ ගමන දුකක් ලැබෙන සසරේ මය සැරි සරන ඉඳුරන් තුලින් සිත හඳුනන නෙක මායා සමගින් සතුට පැතුවොත් ලුහුබැඳ චායා අඳුරින් තවත් හිරවී වල්මත් වේයා නිදුකින් ඉන්න දැක ගමු දම් හිරු පායා ලොව ලෙස දැනෙන  නිමැවුම් හැම හැදෙන සිත බව ඇති ලෙසට අවිඳුන් පෙන්වලා දෙත නොව මෙය පිටත , ඇතුලත ගොඩනැඟෙනු ඇත භව දුක නසත් මෙය නුවණින් දකින සත විසි කල නමුත් තම කුණු අනුන'ගෙ වත්තේ කිසි වෙනසක් නොමැත අය්තිය නැත ගත්තේ රිසි ලෙස මම, මගේ කීවොත් මතු මත්තේ නිසි ලෙස පෙනේවි ද? නිවනක් නම් නැත්තේ  දැක හැම දේම ශක්තිය බව ගොඩ නැගුණු නෙක සැකසුමයි වෙනසක් පෙන්වන කරුණු  එක ලෙස හැඟෙනු මිස වෙන කරගත නොහෙනු දැක හරි ලෙසින් නික්මෙමු සසරින් දරුණු

06-12-2025: සාවකෝ: ඉවසීම පුරුදු කරන විදිහ

  06-12-2025: සාවකෝ: ඉවසීම පුරුදු කරන විදිහ වැස්ස ගෙනා කරදර,  පණ ගියා නැසී නිස්ස දෙයක් නම් ලොව තුල ඇද්ද කිසී දස්ස වෙන්න දැක්මට මඟ තිබෙන වැසී වොස්ස ධම්ම හිමියන් අද දහම් දෙසී උදම් වුනොත්  ගැන සම්පත් ඇති ධනය උතුම් දහම නොලැබී නැතිවෙයි ක්ෂණය බැඳුම් සියළු, හර සුන් බව දුටු දිනය තරම් සොඳුරු මොහොතක් වෙද? ඒ පිනය එන හැම ගැටලු දිවියට කරමින් බාධා දැන එය සිතේ මිස පිටතින් නැත සාදා ගෙන හරි දැක්ම,  නුවණින්  විමසා පාදා සැන සුම ලබන මඟ යමු මල් ඵල පූදා රුව , ගඳ ,පහස් ආදී වන පස් ඉඳුරා  බව "හැඟුමන් හිතේ" හරි විදිහට අඳුරා භව ගමනට  හේතු දකිමින් , හැම උදුරා නිව නට ඇදෙන මඟ වෙත එමු ගුණ පතුරා සිතට ඔබේ තද කෝපය පැමිණි කල මුලට ගොසින් බැලුවොත් ඇති හේතු වැල කලට බැඳී ගැලපෙන අයුරකින් ඵල අපට පෙනෙන මිරිඟුව මෙනි දිවා කල දැන ගෙන මෙසේ දකිමින් තෙද පිළි සමුපා නැණ සින් බලා බෙදමින් නම්-‍රූ ගලපා මනසින් හැදෙන හැටි දැක හේතුන් බලපා සැන සෙන මඟට එමු කෙලෙසුන් හැම සතපා

22-11-2025: සාවකෝ: පින ගැන දේශනාව

  22-11-2025: සාවකෝ: පින ගැන දේශනාව ලබන පිණිස අම සුව ඇති නිවන් රස තබන පලමු පියවර සතුට මය  යස කරන දහම් එළි, ඇරවන අපේ ඇස කලණ දහම්දිව් හිමියන් දෙසූ බස දැන "වත්මන් සතුට" බව ඒ අම නිවන තැන ඒ හේතු ගැල්පී නැංවෙන පමණ පිනටම ගැලී නවතා පවු කම් අමන ගෙන පින් ඵලය සැපයෙන් යමු ඒ ගමන දස මිසදිටුව හැර දා, දැක බව වැරදී බැස සම්දිටු මඟට, ඵලයන් ඇති සුසැදී දෙස එහි ගියොත් දැක එහි කෙළවර, දුරදී කිස නිම වේය මරු සෙන් හැම යති පැරදී සැප - පින දෙකක් නොව පමණකි වෙනස් නම අප විඳි සැපත්,   පරිසරයත්  තනයි එම සපයන බලය පින පව රැස් කලත් හැම නිපයුම නිමයි වැඩුවොත් ඒ අමා දම යන හරි මඟේ සත් තිස් බෝ දම් වැඩෙන ගුණ බඹ සතර විහරණ සමඟින් නැඟෙන වෙන අය කෙරෙහි මුදු කරුණා ගති තැනෙන සැන සුම දැනෙන සුන්දර ගමනකි නිවන රැස් කර , තනා වැඩිකරගෙන පිනේ බල ගොස් වඩවමින් කරුණා ගුණ තමා තුල හිස් කර කිළුටු සෝදා හැම කෙලෙස් මළ තොස් වී වැඩ ගනිමු දහමෙන් ලැබුණු දුල

පරාභව සූත්‍රය - පිරිහෙන කාරණ

  පරාභව සූත්‍රය -  පිරිහෙන කාරණ දැහැමින් වෙසෙන අන් අයගේ වැඩ කැමතී ගුණයෙන් පිරුණු අය නිති දියුණුව  ලබතී අදැමින් ක්‍රෝධ ගතියෙන් ඉතිරුණු  සිතැතී විසුවන් දිනෙන් දින පිරිහීමට  ඇදෙතී මහත් නුවණ ඇති උතුමන් පහත හෙලා අසත් පුරුෂ හිස් මිනිසුන් ඇසුරු  කලා පහත් දුදන ගති වෙත සිත නැඹුරු වෙලා විපත් කරයි පිරිහෙන මග සකස් වෙලා අලස කමට වැටෙමින් හැම තැනම  නිදා දවස ගෙවන "සල්ලාපය" මතම රඳා තෙදස  විරිය නැති, ක්‍රෝධය හරින මුදා පිරිස ඇදෙති පරිහාණිය වෙතම සදා දුකට වැටුණු වියපත් වුණු දෙමා-පිය නොකොට කිසිදු සැලකිලි හැරදමා ගිය කපට දුවා දරුවන් ගුණ නොමැති ලය නුඹට උරුම පිරිහීමයි, නොවෙයි ජය ශ්‍රමණ, බමුණු මහ උතුමෝ ඉතා ගරූ යදින දුගී යාචකයන් වුවත් දිරූ කරන කෙනක් රැවටීමට කියා  බොරූ ගමන වෙතයි පිරිහුම, සුගතියෙන් දුරූ කොතෙක් ධනය තිබුණත් මුතු මැණික් රිදී නොයෙක් ලෙසින් වළඳන අන් අයට නොදී ලොවක් ලැබුණ කල වුව තව ටිකක් මදී අයෙක් නියත ලෙස පිරිහෙන මගට වදී කුලය , උපත ගැන කියමින් උඩඟු වෙලා ධනය නිසා නෑ මිතුරන් පහත හෙලා නිලය  , බලය පා අන් අය තලා පෙලා නිරය දෙසට පිරිහීමෙන් ගමන් කලා සුරා වටම ලොල් ...

27-09-2025: සාවකෝ- නිවනට නැඹුරුව හිතන්නේ කොහොමද

  27-09-2025: සාවකෝ- නිවනට නැඹුරුව හිතන්නේ කොහොමද ? ලබන පිණිස සුන්දර වූ නිවන අම තිබෙන පිරිය හද පතුලෙන් නැඟුණු පෙම නොවන තුරා නොවැඩෙයි සිත අමා දම දෙසන උතුම් නායක හිමි,  මහරගම අදිටන අපේ ලැබගන්නට නිවන් රසේ කොපමණ වෙලා යෙදුවද එය ලබන ලෙසේ මෙදෙකෙන ලබයි අමයුරු ඵල මහත් තොසේ අපමණ අගය එහි  ඇති, පවසමු ද කෙසේ මම , මේ මගේ වස්තුව සහ පවුල දරූ කිම මේ සැබෑ නොව හැඟුමකි සිතේ දැරූ නොම දුටු නිසා පැටලී මිසදිටුවෙ බොරූ හැම දෙන සසර දුවවයි වසඟයෙහි මරූ ඇතිවන ගැටළු , බාධා සහ දුක් ගැහැට  හටගෙන තිබෙයි "මම", "මගෙ" බව දුටු කලට දැනගෙන වැරදි දැක්මයි හේතුව මෙයට සැනසෙන අයුරු දැන ගමු , පීඩා කුමට ? නෙක රැඟුමෙන් , චරිත කරමින් හොඳින් හැඩ දුක අත් විඳිති , "ඇත්තට"  එහි නොමැත ඉඩ දැක,  මෙහි කරන දේවල්  ලෙස  ලමා වැඩ සකසා ගනිමු සම්දිටු මත, බොරුව මැඬ අදහස්, නැඟෙන සිතුවිලි , ඵලයකි දැනෙන උපදෙස් අසා දැක,  "මම" නැති බව මෙතන නිදහස් වෙමින් ගැලවී පැටලුණු කෙමන සිඳ හිස් අවිඳු, ලැබ ගමු ඒ අම නිවන!

2025-09-13: සාවකෝ-ඇත්තටම දුක මොකක්ද ?

  2025-09-13: සාවකෝ- ඇත්තටම දුක මොකක්ද ? කල් තම කෙලෙස් සෝදන්නට යෙදුව නිසී සිල් ගුණ සමඟ ,  පිං වඩවා ලෙසින්   රිසී කල් නොයවාම පෙන්වා මඟ තිබෙන වැසී පොල් ගහවෙල සමිඳු හැමටම දහම් දෙසී නොයෙක් ගැටළු නුදුරෙන් ලඟ එතැයි සිතා හිතක් වත්මනේ ලතැවෙයි දුකෙන්  ඉතා පසක් කරන්නට "ලොව",  දම් තුලින් තථා වරක් ලැබුණ මොහොතත් හිමි නොවේ පතා රැස මිල මුදල් , වතු පිටි සහ වස්තු හැම ලෙස, එක් කලොත් මුණිඳුන්ගේ අමා දම විස වෙයි එයින් හිරවී ගොස් තැනී  "මම" මිස මඟ වැඩුම නැත කිසි,  භව කරන නිම පුරා සිතේ මෙත,  ගිල්වා  සිසිල් දියේ දරා ගන්න හුරුවී , ඉවසුවත්  බයේ උරා ගන්න පසු බිම එය තනා,  ලයේ  මරා දමා "මම"  ජය ගී එයින් වැයේ සය ඉඳුරන් ගෙනන අරමුණු සිතට දැන එය විඳවීම හෝ විඳිනට නොදී තැන නියමය ලොවේ දැක, හඳුනා ලකුණු තුන වැය වෙයි කෙලෙස් සම්භූතය දකින දින