හිසේ කැක්කුමට සෙත් කවිය

 සව්සත කෙරෙහි පැතිරුව මහ මෙත කුලුණූ

ලොව් තුරු දහම සුරකින කර ගෙන පුහුණූ

දෙව් බඹ පිරිස් පා මුල සිට වැඳ වැටුණූ
ගෞතම මුණි පුතුන් නමදිමි ගුණ පිරුණූ

ගුණ දැක මහ සඟුන්, අගනා මැණික් ලෙස
දෙන මේ බෙහෙත් පිරිකර සහ ගිලන් පස
ගෙන, හිස රුජා,වා ,පිත් සහ නොයෙක් දොස
සැන සුම සුවය දේවා,  හැම ගැහැට පිස

මෙපින් පැතිර ගොස් තුන් ලොව සතුන් වෙත
දුකින් මිදේවා ගත සහ ඔවුන් සිත
මෙයින් අපේ රෝ , දුක් , බිය කිසිත් නැත
නිවන් දකින තුරු වේවා මහත් සෙත!!

Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?