2024-07-27: සාවකෝ -අද දවසේ ජීවිත් වෙන්නේ ඇයි?
*ධම්මජීව ස්වාමින්වහන්සේගේ ශ්‍රාවකෝ දේශනාව ගැන*
හිමියන් දහම්දිව් ගරුතර දොඩංගොඩ
ඇවිදින් දහම් මණ්ඩපයේ මැදට වැඩ
ගුණයෙන් සියලු ලෝ සත සිත් මෙතින් මැඬ
දෙසුයෙන් දම් අමා මතුකර සීහ හඬ
බැතිපෙම් වඩන බුදු හිමියන් තිලෝගුරු
සඳහම් රුවන, මිල නොකලැකි ඉතා ගරු
ලොවදම් ලෙසින් මතුවෙන, ලොව කරන සරු
නමදිම් , උතුම් ගුණ හදතුල මෙතින් දැරු
ඉන්නා කෙනෙක් සතුටින් අරමේ නැවති
ගෙන්නා ගන්න ආපසු, සමහරු සිතති
දන්නා කලට ගුණ, නැවතෙති වී කැමති
වැන්නා එකල සිටි කළුදා(යි) නම් ඇමැති
ඇති කල හිතේ නිදහස් සුව මානසික
ගති නිවනටම නැඹුරුද? එල්ලයෙන් එක
නිති උතුරටම හැරවෙන මාලිමාවක
දැති මෙන් වෙතොත්, ඔබ යනමග නොමැත සැක
ඇතොත් එකක් දොස, මෝහය හෝ රාගේ
ගතත් සිතත් පීඩාදෙයි එක වාගේ
සමත් වෙතොත් මුදවන්නට සිත මාගේ
තවත් උතුම් මඟුලක් නැත ඒ වාගේ
පෙර කල දෙයින් ගොඩ නැංවෙන පරිසරය
කර ගෙන ත්‍රිවිධ මූලය, මූලික හරය
අර ගෙන හැදෙන ලෝකය ලෙස සුර පුරය
මර ණය වෙතම යති, නිවනත් හරි දුරය
එකක් ලෙසින් පෙනුනොත් යම් දෙයක් ලොවේ
සැකක් නොමැත සිත තුල මහ කෙලෙස් මැවේ
එකෙක් ගතේ තැවරුණ මඩ, මඩක් නොවේ
නොයෙක් මුසා කීවොත් නැත නිවන් සුවේ
උනොත් කිසිදු වරදක් අන් සතුන් හට
කිසිත් පලක් නැත නිගරුව තමන් හට
ඇතොත් යමක් නැසුමට "මම" , "මගේ" , "මට"
සිතත් - මැවෙන බොරු, දතයුතු පසක් කොට
ගසක මලක් හටගත්තොත් නැහැ අරුම
ගතක සිතක් ඇතිවෙයි විදියට උරුම
මතක නිසා ඒ ඒ සිත් වල කෙරුම
දුකක වැටෙයි නොකලොත් දන් , සිල් පෙරුම
Comments
Post a Comment