2024-06-29 :අමාදස්සන ස්වාමීන්වහන්සේගේ සෙනසුරාදා මහ දේශනාව

*අමා දස්සන ස්වාමීන්වහන්සේගේ සෙනසුරාදා මහ දේශනාව ගැන*


හිමි අමා දස්සන

සඳහම් දෙසන ලස්සන

අමා වැසි වස්සන

තෙමී නෑමට සැවොම රැස්වන


පසඳුරන් ගෙන එන

අරමුණු හේතු කරගෙන

මුල් කර තමා ගැන

තැනෙන ලෝකය ඉතා අසරණ 



හේතුවට සෝකය

අස්වාදයද, කෝපය

බාහිරෙහි  නෑ එය

ඇතුලෙ හැදෙනා ඔබේ ලෝකය 


දරුවන්ට ආලය

පැටළුණු අවුල් ජාලය

අවිද්‍යා මූලය

නිසා බිහිවෙන අන්ධබාලය


දුටුව විට දරුවා

මව්පිය භාර කරුවා

කියා සිත දැරුවා

අපිව සසරේ මුලා කෙරුවා


ගොඩ නැගෙන හැටි හිත

ගැලපී හේතු නිය මිත

දහමින් තථාගත

දකින  ඔබහට වේය යහපත!


සාදු සාදු සාදු !!!

Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?