2024-07-06: සාවකෝ -විශ්වයේ ශක්තිය නිවනට යොදන ක්‍රමය
*ධම්මජීව ස්වාමීන්වහන්සේ සාවකෝ දේශනාව ගැන*
දහම ට ජවය දෙන හිමි සඳු දම් ජීව
සැවොම සැපෙන් දැයි විමසති එහි ආව
කොහොම ද මඟ වැඩුම ? අසමින් කරුණාව
බොහොම හොඳින් අරඹති දම් වරුණාව
පෙර කළ පිනෙන් ලැබ අගනා ඉසුරු රැස
සුර සැප ලෙසින් විඳ සමගින් අන් පිරිස
ඉර හඳ දෙකෙන් වැඩගත් සීහළුන් ලෙස
කර ඒ බලෙන් යහපත සැමටම නොලස
ගුණ දැක අනුන් පැහැදුනු ගති ඇතිව හදේ
ගෙන හිස මතට සැරියුත් මහ තෙරුන් ලෙදේ
පින හැම එකට එකතුව එක දෙසට ඇදේ
දෙන අම සුවය මොක් පුර වෙත වදිමු සොඳේ
සිත ගොඩ නැගෙයි සැකසී එක එක හේතූ
ගත යයි කියා ඇත්තේ සතරකි ධාතූ
නැත මෙහි වෙසෙස් වෙන්කර ගත හැකි සත්තූ
ඇත එකවගේ අය, බැඳුනම සම හේතූ
ක්‍රම මහ ගොඩකි දැකුමට ලෝකයේ තතූ
හැම විදිහටම අනිසයමයි දැකිය යුතූ
තම තමනටම ගැලපෙන පිළිවෙතින් සිතූ
අම නිවනටම යේවා බෝධියෙන් පැතූ!
Comments
Post a Comment