2024-07-20: සාවකෝ -ඉවසීම පිරිහිලා ද?

 *මෙත්තාරාම ස්වාමීන්වහන්සේගේ *


මෙත් අරමෙ  හිමි සඳ

තෙත් වූ මෙතින් තම හද

සිත් සුව කරන ලෙද

වත් කරති, සඳහම් දම් අමා බිඳ


ගැටෙන්නට තම ඇස

ගරු සඝරුවන නිසි ලෙස

කල පින් නිසා මිස

අනෙක් දේකින් නොවේ  කිසි ලෙස


දූටුවොත් නිම් ඇඳුම් කඩයේ ඔබ කැමති

අරගෙන ගෙදර යනමෙන් එහිනොම නැවති

පැහැදුනු කෙනෙක් බුදු සසුනේ ගුණ කැමති

මෙහි මගවඩති ඇවිදින් අරමේ නැවති 


හොඳ නරක දේ හැම

අවබෝධයත් මුණි දම

දුන් දේ , වෙතට තම

නැවත ඒමයි, එයයි ලෝ දම


ගෙවන මේ කලි යුග

සසුනත් කෙටියි, නැහැ දිග

වැඩිවෙන කෙලෙස් දඟ

දුෂ්කරය වැඩුමට, අරිඅටඟි මග


මව -පියා -ගුරු වරු

පූජක පිරිස් අති ගරු

ගුණයන් දකින තුරු

වරදවා හැසිරෙති, දනෝ නිරතුරු 


හීන වෙයි ඉවසුම

පීඩා, නොමැත සැනසුම

ක්ෂණිකවම විසඳුම 

සොයයි, නොපැකිල කරයි වැනසුම


දූ දරු සහ බිරිඳ 

"මා නැති කලට කොහොමද?"

හැඟුමකි මෙය බොලඳ

පිනම පිහිටයි, ඔවුන් කල සොඳ


උත්සහය සහ වෙර

අදිටන පිහිටි ස්ථිර 

කෙනෙකුට පිනෙන් තර

බැඳුම් ගැලවිය හැක, ඉතාබර


කරදර ඇති හිතේ

පිටතින් හේතු නොමැතේ

නුවණින් මේ මතේ

දකින අය නම් හරිම සමතේ


කැමති දෙය ඇලුණූ

දූටුවොත් ලෙසින්  දරුණු 

කැමැත්තට කරුණු 

ඉවත්වෙයි, සිත පිනෙන්  පිරුණු


රැක්කොතින්  සීලේ

පිහිටයි සියලු කාලේ

ඔබ මැරෙන වේලේ 

ඔබේ තනියට ඉඳියි රාලේ

Comments

Popular posts from this blog

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

26-04-2025: සාවකෝ : බුදුදහම ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්නද ?