2024-07-13: සාවකෝ-අමාරුම වෙලාවේ නොකළ යුතු දේ
*මෙත්තාරාම ස්වාමීන්වහන්සේගේ සාවකෝ දේශනාව ගැන*
මෙත් අරමේ සමිඳු අපගේ මහරගම
සිත් සතුටින්ද? විමසති එහි වෙතින් සැම
නෙත් කැල්මෙන් දිලෙන හද තුල තිබෙන පෙම
සත් හට වැඩ පිණිස තෙපලති මුණිඳු දම
දිරිමත් මවක් දෙඅනූ අවුරුදු වයස
කිරිබත් දනක් දුන්නා ඇය පොඩි දවස
ගුණවත් කම ඇගේ දකිමින් නොව අලස
සතුටත් ලබමු "ලද දෙයකින්" ඇය විලස
කල පව් ඇදී ආවොත් එය පල දීම
තෙල නියමයකි හැමටම එක බලපෑම
මුල දැක කර්මයෙන් වැලකී සිටියාම
බලවත් විපාකද නැවතෙයි එක සේම
කෙනෙක් කලොත් වරදක් කලකට පුරුදු
නොයෙක් උපා යෙදුවත් නොහැකිය දුරදු
අනෙක් දෙයක් සරණක් නොමවෙන නමුදු
උදක් දහම් පිහිටයි සම්මා සමිඳු
රුව ගොඩ නැඟුනුවිට අරමුණු අනුව ඇසේ
තව දේ හැඟුම් වශයෙන් සිත තුලට බැසේ
බව උස, මහත, බර, හැඩ ඈ නොයෙක් රැසේ
මවමින් අපේ ලෝකය ගොඩ නැගෙයි මෙසේ
දැක්කම තාත්තා අසරණ, ගිලන් ඇඳේ
දුක්ගිණි නැගෙන්නට හේතුව කිමද හදේ
එක්කර සසැඳ ලෙඩ සහ සුව පියා සොඳේ
දක්නා නිසයි වෙන්කර, මේ විඳින වදේ
Comments
Post a Comment