2025-09-13: සාවකෝ-ඇත්තටම දුක මොකක්ද ?

 2025-09-13: සාවකෝ-ඇත්තටම දුක මොකක්ද ?


කල් තම කෙලෙස් සෝදන්නට යෙදුව නිසී
සිල් ගුණ සමඟ ,  පිං වඩවා ලෙසින්   රිසී
කල් නොයවාම පෙන්වා මඟ තිබෙන වැසී
පොල් ගහවෙල සමිඳු හැමටම දහම් දෙසී

නොයෙක් ගැටළු නුදුරෙන් ලඟ එතැයි සිතා
හිතක් වත්මනේ ලතැවෙයි දුකෙන්  ඉතා
පසක් කරන්නට "ලොව",  දම් තුලින් තථා
වරක් ලැබුණ මොහොතත් හිමි නොවේ පතා

රැස මිල මුදල් , වතු පිටි සහ වස්තු හැම
ලෙස, එක් කලොත් මුණිඳුන්ගේ අමා දම
විස වෙයි එයින් හිරවී ගොස් තැනී  "මම"
මිස මඟ වැඩුම නැත කිසි,  භව කරන නිම

පුරා සිතේ මෙත,  ගිල්වා  සිසිල් දියේ
දරා ගන්න හුරුවී , ඉවසුවත්  බයේ
උරා ගන්න පසු බිම එය තනා,  ලයේ 
මරා දමා "මම"  ජය ගී එයින් වැයේ

සය ඉඳුරන් ගෙනන අරමුණු සිතට දැන
එය විඳවීම හෝ විඳිනට නොදී තැන
නියමය ලොවේ දැක, හඳුනා ලකුණු තුන
වැය වෙයි කෙලෙස් සම්භූතය දකින දින

Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?