06-12-2025: සාවකෝ: ඉවසීම පුරුදු කරන විදිහ

 06-12-2025: සාවකෝ: ඉවසීම පුරුදු කරන විදිහ


වැස්ස ගෙනා කරදර,  පණ ගියා නැසී
නිස්ස දෙයක් නම් ලොව තුල ඇද්ද කිසී
දස්ස වෙන්න දැක්මට මඟ තිබෙන වැසී
වොස්ස ධම්ම හිමියන් අද දහම් දෙසී

උදම් වුනොත්  ගැන සම්පත් ඇති ධනය
උතුම් දහම නොලැබී නැතිවෙයි ක්ෂණය
බැඳුම් සියළු, හර සුන් බව දුටු දිනය
තරම් සොඳුරු මොහොතක් වෙද? ඒ පිනය

එන හැම ගැටලු දිවියට කරමින් බාධා
දැන එය සිතේ මිස පිටතින් නැත සාදා
ගෙන හරි දැක්ම,  නුවණින්  විමසා පාදා
සැන සුම ලබන මඟ යමු මල් ඵල පූදා

රුව , ගඳ ,පහස් ආදී වන පස් ඉඳුරා 
බව "හැඟුමන් හිතේ" හරි විදිහට අඳුරා
භව ගමනට  හේතු දකිමින් , හැම උදුරා
නිව නට ඇදෙන මඟ වෙත එමු ගුණ පතුරා

සිතට ඔබේ තද කෝපය පැමිණි කල
මුලට ගොසින් බැලුවොත් ඇති හේතු වැල
කලට බැඳී ගැලපෙන අයුරකින් ඵල
අපට පෙනෙන මිරිඟුව මෙනි දිවා කල

දැන ගෙන මෙසේ දකිමින් තෙද පිළි සමුපා
නැණ සින් බලා බෙදමින් නම්-‍රූ ගලපා
මනසින් හැදෙන හැටි දැක හේතුන් බලපා
සැන සෙන මඟට එමු කෙලෙසුන් හැම සතපා

Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?