22-11-2025: සාවකෝ: පින ගැන දේශනාව

 22-11-2025: සාවකෝ: පින ගැන දේශනාව


ලබන පිණිස අම සුව ඇති නිවන් රස
තබන පලමු පියවර සතුට මය  යස
කරන දහම් එළි, ඇරවන අපේ ඇස
කලණ දහම්දිව් හිමියන් දෙසූ බස

දැන "වත්මන් සතුට" බව ඒ අම නිවන
තැන ඒ හේතු ගැල්පී නැංවෙන පමණ
පිනටම ගැලී නවතා පවු කම් අමන
ගෙන පින් ඵලය සැපයෙන් යමු ඒ ගමන

දස මිසදිටුව හැර දා, දැක බව වැරදී
බැස සම්දිටු මඟට, ඵලයන් ඇති සුසැදී
දෙස එහි ගියොත් දැක එහි කෙළවර, දුරදී
කිස නිම වේය මරු සෙන් හැම යති පැරදී

සැප - පින දෙකක් නොව පමණකි වෙනස් නම
අප විඳි සැපත්,   පරිසරයත්  තනයි එම
සපයන බලය පින පව රැස් කලත් හැම
නිපයුම නිමයි වැඩුවොත් ඒ අමා දම

යන හරි මඟේ සත් තිස් බෝ දම් වැඩෙන
ගුණ බඹ සතර විහරණ සමඟින් නැඟෙන
වෙන අය කෙරෙහි මුදු කරුණා ගති තැනෙන
සැන සුම දැනෙන සුන්දර ගමනකි නිවන


රැස් කර , තනා වැඩිකරගෙන පිනේ බල
ගොස් වඩවමින් කරුණා ගුණ තමා තුල
හිස් කර කිළුටු සෝදා හැම කෙලෙස් මළ
තොස් වී වැඩ ගනිමු දහමෙන් ලැබුණු දුල

Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?