හදා ගෙන "මමෙක්" එක්කර හැම දේම
යොදා වෙහෙස, "පැවතිය යුතු" එක සේම
සදා තන සැපක් ලද හැකි මඟ කීම
මෙදා දෙසී හිමියන්  මෙත්තා රාම

හුදෙක් දහම් ශ්‍රවණය නොගෙනෙයි නිවන
මඳක් පමා නොව කල යුතුමය ප්‍රගුණ
තැතක් කලොත් මිස යන්නට ඒ ගමන
දුකක් ලැබෙන සසරේ මය සැරි සරන

ඉඳුරන් තුලින් සිත හඳුනන නෙක මායා
සමගින් සතුට පැතුවොත් ලුහුබැඳ චායා
අඳුරින් තවත් හිරවී වල්මත් වේයා
නිදුකින් ඉන්න දැක ගමු දම් හිරු පායා

ලොව ලෙස දැනෙන  නිමැවුම් හැම හැදෙන සිත
බව ඇති ලෙසට අවිඳුන් පෙන්වලා දෙත
නොව මෙය පිටත , ඇතුලත ගොඩනැඟෙනු ඇත
භව දුක නසත් මෙය නුවණින් දකින සත

විසි කල නමුත් තම කුණු අනුන'ගෙ වත්තේ
කිසි වෙනසක් නොමැත අය්තිය නැත ගත්තේ
රිසි ලෙස මම, මගේ කීවොත් මතු මත්තේ
නිසි ලෙස පෙනේවි ද? නිවනක් නම් නැත්තේ 

දැක හැම දේම ශක්තිය බව ගොඩ නැගුණු
නෙක සැකසුමයි වෙනසක් පෙන්වන කරුණු 
එක ලෙස හැඟෙනු මිස වෙන කරගත නොහෙනු
දැක හරි ලෙසින් නික්මෙමු සසරින් දරුණු

Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?