Posts

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?

  2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද? පින දෙයි සවිය,  මඟ වැඩුමට කරන ඉඩ දෙන පරිසරය සඟ ඇසුරින් ලොවට වැඩ බණ දහමත් ලැබී කෙළෙසුන් කරන මැඬ සැන සෙන මඟ දෙසී හිමියන් දොඩංගොඩ දහම මනසිකාරය අපහසුය ඉතා ලොවම මතක් වෙයි වෙන්වී දැනී සතා දුකම දැනෙයි ප්‍රිය දේ දුරු උනොත් ඉතා වැඩුම පමණි මඟ, සැනසෙන ලෙසින් පතා වෙන් වී දකින කල පීඩා තදින් දැනී දැන් වෙයි සැප දුකත් දෘශ්‍ටිය අනුව තැනී ලං කර ගන්න නිවනත් හැම නිවන ගිනී "මං" යනු හැඟුම මිස ඇත්තක් නොවෙයි දනී නොයෙක් ප්‍රශ්න ආවොත් නිතරම ගෙදර කුමක් නිසා අසතුටු වෙද දුක් පැතිර  එකක් මගේ- මට , ලෙස හැඟෙනා අතර වලක්වන්න අවැසිය  සම්දිටු  ඇසුර යොදා දහම දැඩි පීඩා කලත් දුරූ උදා වේය "දුක" වෙන්කර දකින තුරූ දදා ලකුණු තුන, මිසදිටු මෙතෙක් දැරූ රඳා නොගෙන දුරු කරගෙන දිනමු මරූ පැනය , පැනය වෙයි,  කලහොත් තමන් සතූ තැනය දිනුම,  දැක හිමියෙක් නොමැති තතූ පිනය පුරා , නැණ සපුරා  බැඳුම් එතූ දිනය ලෙහා හළ, පසු දුක් නොඑයි මතූ

2025-09-06: සාවකෝ- දහම වැටහෙන්න කල යුතුම දෙයක්

 2025-09-06: සාවකෝ- දහම වැටහෙන්න කල යුතුම දෙයක් සිඳ ලනු පිණිස සසරෙහි බැඳ තබන බැමී මඳ කුත් පමා නොව වීරිය  වඩනු නැමී හොඳ උපදෙස් දහම් වැස්සේ හොඳින් තෙමී වැඳ මෙත් සිතින් ගරු මෙත්තා රාම හිමී ගුණ හොඳ නරක ලෙස වැටහෙන සිතක දැරූ "ගෙන ඇති" දැක්ම මත නැංවෙන පුරුදු කෙරූ දැන එය ලොවේ නැති, හැඟෙනා දෙයකි බොරූ සැන සුම ලැබෙන මඟ පමණකි ලොවෙහි සරූ දිස්වෙන කලට ඇඳුමක් හෝ පින්තූර ලස්සන- කැත වෙනස දැනුනොත් අත නෑර රැස්වුන දෘශ්ටි මත බිහිවුන  බොරුකාර ඇන්දුන හැටි දකිමු දහමෙන් සරු සාර නොයෙක් රටාවට රැවුලත්,  කපා හිස අයෙක් කියති එය "පොංටින්", "බෙකම්" ලෙස උදක් දැනුන "හැඟුමට"  දෙන නමක් මිස එකක් කොහිද?  පමණයි නෙක "දිට්ඨි" රැස ලෙස දුටු අයුරු  දැන හැඳිනී ලොවෙහි තතූ මිස දිටු හැඟුම "වෙන්කර" දෙයි ලෙසින් පැතූ විස කටු ලෙසින් තන්හාවෙන් තදින් එතූ සම් දිටු දමින් නිව්වොත් යළි නොඑයි මතූ සතර ධාතු දැක එය "දේ" ලෙසින් හැඟී ඇසුර නිසා දෘශ්ඨිය එයි තවත් නැඟී නතර කරන්නට මිසදිටු ලෙසට හැඟී නිතර දහම වැඩුවොත් එය මහත් අගී

30-08-2025:සාවකෝ-හිත වරද්ද ගන්න එපා

  30-08-2025:සාවකෝ-හිත වරද්ද ගන්න එපා පින, පව, කුසල් හැම දේටම "සිත" ය මුල දැන, රැකගෙන සිතත් වෙහෙසී සියළු කල ගුණ යෙන් වඩා ලැබ ගන්නට මහත් ඵල බණ දෙසුවේ හිමිය පොල්ගස් පිරුණු වෙළ දෙන දේ මහත් අනිසස් වන බුදු සසුන ගෙන දෙයි ඇසුර මතුවී කළ පිං පරණ දෙන ලෙස මහත් දන්, මිළ මුදලින් පිරුණ මොන අරුමයද යාචකයොත් දෙති තුටින සිතට දැනේ රුව, හඬ, ගඳ ඈ කරුණු කුමට ? සතුන්, පුද්ගලයන් ලෙස දකිනු  කපට ඉන්ද්‍රජාලික විනැණින් තැනුණු  අයට හැඟෙන අයුරුය මෝහය පිරුණු  ගැලපෙන බැඳී නන් අයුරින් හේතු රැස පෙන්වන දෙයක් කිම මායාවක්ම මිස දක්වන කලට ඇරවා නැණ නැමති ඇස ඇතිවුණ වැරදි අදහස් දුරු වේය පිස දැක සම්මුතිය මිස නැති බව දෙයක් කිසී සැක හැර වැරදි මත දහමෙන් ලෙහා නිසී දුක ලකුණත් බලා මතුකර තිබුණු වැසී එක මඟ - නිවන,  වෙත යන්නට නොවෙද රිසී පස් කඳ සතෙක් ලෙස දැක්කොත් වේය මුලා දොස් සහ රාග සිතුවිලි නොනවතීයි  ගලා රැස් වෙන සියළු අරමුණු අනිසයයි බලා හිස් කල හැකිය භව දුක, සත දමන පෙලා

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

 07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන පතා සියලු ලෝ සත වෙත මහත් සෙත ඉතා හොඳින් සිහි කරමින් වඩා මෙත තථාගත දහම දෙසමින් නිවා සිත කතා කලා වොස්සග හිමි අපට හිත දහම හොඳින් දැක පටි සම උප්පාද නියම සුතුර සිව් අරිසස් දැක්කාද අවම කරන විනයෙන් හැම වෑපාද තවම පමා ඇයි? කල පිං මදි වේද අවිද නිසා හය අයුරෙන් හැදෙන රඟේ නිබඳ එයින් සැප සහ දුක සිතට හැඟේ නොබැඳ ලොවේ දේ ගෙන ලෙස මමය මගේ සබඳ සෑබෑ තතු දැක්කොත් නොවෙද අගේ දහසක් දේ ඇතත් ලොව තුල සිතට රිසී මොහොතක් සිතේ අරමුණ ඇසුරකට බසී නැත එක් දෙයක් පැවතුන දිගු කලක් නිසී බවදුක් නිවේ! දුටුවොත් මඟ තිබෙන වැසී තැනක "එකක්" හැදුනොත් එය දුකකි තද එදැක හැඳින ඇසුරෙන් නම් නොවෙයි වද සිතක "තිබෙන" ලෙස දැනුනොත් ඇලෙයි බැඳ දුකක වැටෙයි දහමෙන් කල යුතුය සිඳ මරණ පැමිණි කල වුව දැක ලෙසින් ඵල පමණ සිතේ නැංවුණ නෙක හේතු වල සරණ ලබා දහමින් දැක දුකට මුල නිවන ලබා සිඳලමු මරු දැමූ දැල

31-05-2025: සාවකෝ :"මම" ප්‍රශ්නයක් ද?

 31-05-2025: සාවකෝ :"මම" ප්‍රශ්නයක් ද? වැඩෙන සිතක තර වෙයි දම් වැටහීම නුවණ දෙන්න සැම සත හට එකසේම නිවන උසස් බව සහ දොස පස් කාම දෙසන දහම්දිව් හිමි කර,  නැමඳීම අදහස් රාග, දොස, මෝහය හිතට නැඟී උදහස් කරයි සිත, තිර නැති බවක් හැඟී නිදහස් වෙන්න වෑයම තුන් දොරින් රැඟී එදවස් , සතර අරිසස් දුටුවොතින් අගී කෙලෙස් නැඟුන විට පීඩා දැනෙයි සිත උසස් මුණි දහම යෙදුවත්, ගෙනෙන සෙත සකස් උනොත් ජාතිය ලෙස හැඟෙන මත වෙනස් නොවෙයි , නිවනක් ගෙන නොදෙනු ඇත මහත් ගුණැති අරහත් හිමියන්ට පවා නැඟෙත් "අවැසි" බව කල දේ උදේ හවා නමුත් ජාති වෙන්කර  "එක" ලෙසින්  මවා නොදෙත් එයින් ගිණි නොගනිති හරින දවා ලොවේ සියළුදේ ශක්තිය හුවමාරූ පවේ , පිනේ යෙදවෙයි විදිහට තේරූ භවේ ඇදෙයි තෙක් දම නුවණැස මේරූ නොවේ දුකක් ඉන් මතුවට හිත පෑරූ දකිමින් අනිසි බව සැකසුණු හේතු රැස කරමින් සියලු යහපත ලෝ සතුන් දෙස දහමින් සිතේ ඇති දුහුවිලි හොඳින් පිස නිදුකින් නිවන වේවා!!  කුසලයෙන් දස

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

 24-05-2025: සාවකෝ : ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි නෙක ලෙස හේතු ගැලපීමෙන් හැදුනාම දැක එය "එකක්" ලෙස ගත්තොත් වැරදීම දුක දුරු වෙන්න සඳහම් සරණට යෑම සක කරකවයි,  සමිඳුන් මෙත්තාරාම පෙනේ ඇසට වැටුනොත් එළි ඇති කිරණ මනේ මැවෙන දේ මිස අයුරුද කුමන නැණේ වඩා බැලුවොත් විමසා පමණ දැනේ සිතට,  බුදු දහමයි එක සරණ පෙර දුටු දෙයක් මනසින් සිහි කරන සඳ සිත තුටු වේය "ඇති දෙය" ලෙස හැඟී තද මිසදිටු අවිඳු අඳුරේ ඇස් තදින් බැඳ විසකටු සදිසි සසරේ අප විඳින වද දැන, දැකගන්න හැකි දේ විතරකි පාට වෙන අදහස් හිතේ හැඟුමක් මය කූට බණ අසමින් හොඳින් අරමුණු  කලදාට පින තිබුණොතින් නිවනත් දුර වෙද? කාට ලෙසට නොයෙක් දේ ඇති එක රූ තිරය ඇසට එකම දේවල් මය    ගෝචරය කුමට ? වෙනස් දේවල්  බැලුමට පොරය අපට වැටහුණොත් එතනයි සුර පුරය ගියත් නුවර , හිටියත්  මහ ඉංගිරියේ කිසිත් වෙනස් නැත "වෙන් නොකලොත්" සරියේ බණත් , සිංදුවත්  වෙනසක් නැත පිරියේ සමත් වෙන්න දැක, අදිටන ගමු තරයේ

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

 ඔබ රසයට ඇලිල ද? සිතේ සතුට විමසන, දුටු සියළු තැන නැතේ පිටත කිසි රසයක් හඟින මන මතේ දෙන්න, සම්දිටු ගුණ පිහිටු වන මෙතේ අරමෙ ගරු හිමියන් දෙසූ බණ පාටත්, සුවඳ , මුදු ගති ඇති රෝස මල කාටත් "එකක්" ලෙස හඟවන අවිදු බල දේටත් ලොවේ හැම, විදු-මන පමණි කල ඊටත් හේතු එකතුව ලෙස පෙනෙයි ඵල රසේ දැනෙන විට එක්වී නොයෙක් ලෙස තොසේ නැගෙයි "වෙන්වීමෙන්" දැනෙන රස ලෙසේ දැනෙන රස හැඟෙනා හැඟුම් මිස කෙසේ බලමු ? පිටතින් ඇති දෙයක් ලෙස අඳින ඇඳුම් නෙක පාටින් සහ හැඩතී හැඳින එකම දේ සැකසුම වෙනස් වෙතී සොයන නමුත් සිත දේවල් වෙන වෙනැතී පෙනෙන වෙනස් දේ කිසිවක් ලොවේ නැතී ඇට මස   නහර හැම එක්වී හැදුන කය එක ලෙස වෙනම ගෙන නම්කර ලෙසින් අය අදහස අවිඳු දුරු කරමින් ලබා ජය නිදහස ලබා නවතමු මේ සසර  බය නැත මම කියා කිසි දේවල් වෙන වෙනම හිත ගොඩ නැඟෙයි  පැමිණෙන අරමුණ මතම නිතරම මනා සිහියෙන් වඩමින් දහම කතරින් මිදී ලැබගමු අපගේ දිනුම