07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

 07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන


පතා සියලු ලෝ සත වෙත මහත් සෙත
ඉතා හොඳින් සිහි කරමින් වඩා මෙත
තථාගත දහම දෙසමින් නිවා සිත
කතා කලා වොස්සග හිමි අපට හිත

දහම හොඳින් දැක පටි සම උප්පාද
නියම සුතුර සිව් අරිසස් දැක්කාද
අවම කරන විනයෙන් හැම වෑපාද
තවම පමා ඇයි? කල පිං මදි වේද

අවිද නිසා හය අයුරෙන් හැදෙන රඟේ
නිබඳ එයින් සැප සහ දුක සිතට හැඟේ
නොබැඳ ලොවේ දේ ගෙන ලෙස මමය මගේ
සබඳ සෑබෑ තතු දැක්කොත් නොවෙද අගේ

දහසක් දේ ඇතත් ලොව තුල සිතට රිසී
මොහොතක් සිතේ අරමුණ ඇසුරකට බසී
නැත එක් දෙයක් පැවතුන දිගු කලක් නිසී
බවදුක් නිවේ! දුටුවොත් මඟ තිබෙන වැසී

තැනක "එකක්" හැදුනොත් එය දුකකි තද
එදැක හැඳින ඇසුරෙන් නම් නොවෙයි වද
සිතක "තිබෙන" ලෙස දැනුනොත් ඇලෙයි බැඳ
දුකක වැටෙයි දහමෙන් කල යුතුය සිඳ

මරණ පැමිණි කල වුව දැක ලෙසින් ඵල
පමණ සිතේ නැංවුණ නෙක හේතු වල
සරණ ලබා දහමින් දැක දුකට මුල
නිවන ලබා සිඳලමු මරු දැමූ දැල


Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

26-04-2025: සාවකෝ : බුදුදහම ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්නද ?