2025-09-06: සාවකෝ- දහම වැටහෙන්න කල යුතුම දෙයක්

 2025-09-06: සාවකෝ- දහම වැටහෙන්න කල යුතුම දෙයක්


සිඳ ලනු පිණිස සසරෙහි බැඳ තබන බැමී
මඳ කුත් පමා නොව වීරිය  වඩනු නැමී
හොඳ උපදෙස් දහම් වැස්සේ හොඳින් තෙමී
වැඳ මෙත් සිතින් ගරු මෙත්තා රාම හිමී

ගුණ හොඳ නරක ලෙස වැටහෙන සිතක දැරූ
"ගෙන ඇති" දැක්ම මත නැංවෙන පුරුදු කෙරූ
දැන එය ලොවේ නැති, හැඟෙනා දෙයකි බොරූ
සැන සුම ලැබෙන මඟ පමණකි ලොවෙහි සරූ

දිස්වෙන කලට ඇඳුමක් හෝ පින්තූර
ලස්සන- කැත වෙනස දැනුනොත් අත නෑර
රැස්වුන දෘශ්ටි මත බිහිවුන  බොරුකාර
ඇන්දුන හැටි දකිමු දහමෙන් සරු සාර

නොයෙක් රටාවට රැවුලත්,  කපා හිස
අයෙක් කියති එය "පොංටින්", "බෙකම්" ලෙස
උදක් දැනුන "හැඟුමට"  දෙන නමක් මිස
එකක් කොහිද?  පමණයි නෙක "දිට්ඨි" රැස

ලෙස දුටු අයුරු  දැන හැඳිනී ලොවෙහි තතූ
මිස දිටු හැඟුම "වෙන්කර" දෙයි ලෙසින් පැතූ
විස කටු ලෙසින් තන්හාවෙන් තදින් එතූ
සම් දිටු දමින් නිව්වොත් යළි නොඑයි මතූ

සතර ධාතු දැක එය "දේ" ලෙසින් හැඟී
ඇසුර නිසා දෘශ්ඨිය එයි තවත් නැඟී
නතර කරන්නට මිසදිටු ලෙසට හැඟී
නිතර දහම වැඩුවොත් එය මහත් අගී

Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය