17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

 ඔබ රසයට ඇලිල ද?


සිතේ සතුට විමසන, දුටු සියළු තැන
නැතේ පිටත කිසි රසයක් හඟින මන
මතේ දෙන්න, සම්දිටු ගුණ පිහිටු වන
මෙතේ අරමෙ ගරු හිමියන් දෙසූ බණ

පාටත්, සුවඳ , මුදු ගති ඇති රෝස මල
කාටත් "එකක්" ලෙස හඟවන අවිදු බල
දේටත් ලොවේ හැම, විදු-මන පමණි කල
ඊටත් හේතු එකතුව ලෙස පෙනෙයි ඵල

රසේ දැනෙන විට එක්වී නොයෙක් ලෙස
තොසේ නැගෙයි "වෙන්වීමෙන්" දැනෙන රස
ලෙසේ දැනෙන රස හැඟෙනා හැඟුම් මිස
කෙසේ බලමු ? පිටතින් ඇති දෙයක් ලෙස

අඳින ඇඳුම් නෙක පාටින් සහ හැඩතී
හැඳින එකම දේ සැකසුම වෙනස් වෙතී
සොයන නමුත් සිත දේවල් වෙන වෙනැතී
පෙනෙන වෙනස් දේ කිසිවක් ලොවේ නැතී

ඇට මස   නහර හැම එක්වී හැදුන කය
එක ලෙස වෙනම ගෙන නම්කර ලෙසින් අය
අදහස අවිඳු දුරු කරමින් ලබා ජය
නිදහස ලබා නවතමු මේ සසර  බය

නැත මම කියා කිසි දේවල් වෙන වෙනම
හිත ගොඩ නැඟෙයි  පැමිණෙන අරමුණ මතම
නිතරම මනා සිහියෙන් වඩමින් දහම
කතරින් මිදී ලැබගමු අපගේ දිනුම

Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය