31-05-2025: සාවකෝ :"මම" ප්‍රශ්නයක් ද?

 31-05-2025: සාවකෝ :"මම" ප්‍රශ්නයක් ද?

වැඩෙන සිතක තර වෙයි දම් වැටහීම
නුවණ දෙන්න සැම සත හට එකසේම
නිවන උසස් බව සහ දොස පස් කාම
දෙසන දහම්දිව් හිමි කර,  නැමඳීම

අදහස් රාග, දොස, මෝහය හිතට නැඟී
උදහස් කරයි සිත, තිර නැති බවක් හැඟී
නිදහස් වෙන්න වෑයම තුන් දොරින් රැඟී
එදවස් , සතර අරිසස් දුටුවොතින් අගී

කෙලෙස් නැඟුන විට පීඩා දැනෙයි සිත
උසස් මුණි දහම යෙදුවත්, ගෙනෙන සෙත
සකස් උනොත් ජාතිය ලෙස හැඟෙන මත
වෙනස් නොවෙයි , නිවනක් ගෙන නොදෙනු ඇත

මහත් ගුණැති අරහත් හිමියන්ට පවා
නැඟෙත් "අවැසි" බව කල දේ උදේ හවා
නමුත් ජාති වෙන්කර  "එක" ලෙසින්  මවා
නොදෙත් එයින් ගිණි නොගනිති හරින දවා

ලොවේ සියළුදේ ශක්තිය හුවමාරූ
පවේ , පිනේ යෙදවෙයි විදිහට තේරූ
භවේ ඇදෙයි තෙක් දම නුවණැස මේරූ
නොවේ දුකක් ඉන් මතුවට හිත පෑරූ

දකිමින් අනිසි බව සැකසුණු හේතු රැස
කරමින් සියලු යහපත ලෝ සතුන් දෙස
දහමින් සිතේ ඇති දුහුවිලි හොඳින් පිස
නිදුකින් නිවන වේවා!!  කුසලයෙන් දස

Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය