2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?

 2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?


පින දෙයි සවිය,  මඟ වැඩුමට කරන ඉඩ
දෙන පරිසරය සඟ ඇසුරින් ලොවට වැඩ
බණ දහමත් ලැබී කෙළෙසුන් කරන මැඬ
සැන සෙන මඟ දෙසී හිමියන් දොඩංගොඩ

දහම මනසිකාරය අපහසුය ඉතා
ලොවම මතක් වෙයි වෙන්වී දැනී සතා
දුකම දැනෙයි ප්‍රිය දේ දුරු උනොත් ඉතා
වැඩුම පමණි මඟ, සැනසෙන ලෙසින් පතා

වෙන් වී දකින කල පීඩා තදින් දැනී
දැන් වෙයි සැප දුකත් දෘශ්‍ටිය අනුව තැනී
ලං කර ගන්න නිවනත් හැම නිවන ගිනී
"මං" යනු හැඟුම මිස ඇත්තක් නොවෙයි දනී

නොයෙක් ප්‍රශ්න ආවොත් නිතරම ගෙදර
කුමක් නිසා අසතුටු වෙද දුක් පැතිර 
එකක් මගේ- මට , ලෙස හැඟෙනා අතර
වලක්වන්න අවැසිය  සම්දිටු  ඇසුර

යොදා දහම දැඩි පීඩා කලත් දුරූ
උදා වේය "දුක" වෙන්කර දකින තුරූ
දදා ලකුණු තුන, මිසදිටු මෙතෙක් දැරූ
රඳා නොගෙන දුරු කරගෙන දිනමු මරූ

පැනය , පැනය වෙයි,  කලහොත් තමන් සතූ
තැනය දිනුම,  දැක හිමියෙක් නොමැති තතූ
පිනය පුරා , නැණ සපුරා  බැඳුම් එතූ
දිනය ලෙහා හළ, පසු දුක් නොඑයි මතූ

Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය