01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

 22-02-2025: සාවකෝ : අනිච්ඡ  දුක්ඛ අනත්ථ කර්මස්ථානය


ධම්ම  කරුණු හැමදාමත් අසන     තොසේ
දැම්ම  විරිය මඟ වැඩුමට ඇතිද?      කෙසේ
ගැම්ම  දෙන්න කරුණාවෙන් දෙසන බසේ
ධම්ම  ජීව හිමියන්  හට වඳිමු          මෙසේ

ලොව ඇති හොඳ -නරක හැමදේ සම්මතය
නවතා   අනුන් විමසුම ලෙස   තම     මතය
නුවණින්  සිතා උතු මනුදම්  ඇති      සතය
පව, උපවාද වලකා  ලැබ ගමු          සෙතය

රැස ගුණ පිරී උතුරන මිතුරන්              කලණ
මිස යහපත කරන ගඟුලක් මෙනි        ගලන
දොස  දැක කෙනෙක් වූවොත් ඔවුනට උරණ
වස  මෙනි එයින් නවතයි   නිවනට      ගමන

ශක්තිය    සිත හැදෙන,  හරවා බවට  පින
දුක්ඛය     වඩන්නේ සංකාරයයි          දැන
එක්කර කුසල් වඩවා ගෙන සියලු      තැන
නික්මෙනු භව දුකින් තිලකුණු වඩා ගෙන

ලිපට දමන කල වුව දර කරන          දවා
අපට  වැඩක් ඇත කල යුතු එයට    පවා
සතුට ලබා ගන්නට, ඇති කෙලෙස් නිවා
මඟට  අටඟි , කුසලයමයි        උදේ හවා

අවිදු   නිසා කළ කී  දේ මවයි           ලොව
එකදු දෙයක් සංඛත මිස නොමැත තව
පුරුදු කලොත් පස්කඳ   හැම අනිසි බව
සමිඳු දෙසූ දහමෙන්   ඔබ      ලබයි සුව!

Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන