26-04-2025: සාවකෝ : බුදුදහම ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්නද ?

 

26-04-2025: සාවකෝ :බුදුදහම ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්නද ?

රකින්නට සිතක් ඉඩ ඇති සියළු තැන
දමන්නට හැකිද? එහි මුඛ වැසුම් ගෙන
ලබන්නට සතුට,  මතුකර මහත් පින
දොඩන්ගොඩ සමිඳු දෙසුවා අපට බණ

සැවොම කැමති දිවියක් කිසි ගැටළු නැතී
දහම අසති,  දුක දුරලනු පිණිස නිතී
නියම දුකේ නැති බව සිත පෙළන ගතී
දැනුම ලැබූ අය නිවනෙන් නිවී යතී

ඇනී සිතේ පීඩා, දුක සිතුණු "මම"
ගනී මහත් වෙර දු‍රලනු පිණිස එම
දැනී බෙහෙත් කළයුතු තැන් යොදා දම
දිනී ලොවම "ජාතිය"  වෙයි එයින් නිම

පුහුණු කලොත් ඇවිදීමත් , කරන කථා
කරුණු වේය නැතුවත් වෙසෙසකින් සිතා
ගිලුණු අවිදු මඩ තුල මහ කලක් ඉතා
දැනුණු සියළු දේ ගෙන මෙහි වැඩෙයි සතා

නෙක දේ ලොව පෙනෙයි ශක්තිය තිබෙන තුරූ
"එක" දේ නොවෙයි , විසිරෙන ගති වලින් පිරූ
දැක "දුක් ලකුණ"  හැර දුර්මත මෙතෙක් දැරූ
දුක දුරු කරන මඟ , අමසුව ගෙනෙයි සරූ

මුල, මැද, අග සමග කාලය එකට අනා
බලනා කෙනෙක් වෙද කිසිවිට ලොවක් දිනා
තෙල "මම"  කියා දුටුවේ හැඟුමක්ම විනා
ඵල ඇති දේ නොමැත! නුවණින් දකිමු මනා


Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය