10-05-2025: සාවකෝ : අවිවේකයෙන් අතමිදෙන විදිහ

 10-05-2025: සාවකෝ : අවිවේකයෙන් අතමිදෙන විදිහ


ලොවම එළිය කල  මුණිඳුන් පිරිණීම
එකම මඟුල් උළෙලක් වුයේ  කෝම
විසම අවිඳු කළ බැවිනිය,   දුර ලීම
දහම දෙසී වොස්සග හිමි එක සේම

මොන දේ කලත් "හැඳිනීමයි" සිතක හැටී
යන දම් මඟේ පිළිපැද මුණි දෙසුව සැටී
සැනසුම , විවේකය සිත තුල නැඟී සිටී
දෙන ඒ සුවය රජ සැපටත් වඩා  වටී

දුක-සැප කයට දැනෙනා යුගලකිය ගුණ
නෙක මැදහත් හැඟුම් සිත තුළ නැඟෙනු දැන
දැක තතු හරි ලෙසින් සීලය වඩා ගෙන
හැක භව සයුර  තරණය සැම සුවය දෙන

පස ඉඳුරන් ගෙනෙන අරමුණු හැඳිනීම
මිස මෙහි "දෙයක්"  නැත එක ලෙස පැවතීම
ලෙස තිලකුණු තුලින් ඒ දෙස බැලුවාම
ඇස පෑදෙයි , එයයි කෙලෙසුන් දුරුවීම

රුව, රස, පහස ආදිය වෙන වෙනම දැනී
ලොව ගොඩ නැඟෙයි සිත තුල එය එකට ඇනී
පවතින "දේ"  නොමැත හිඳුවන දැවෙන ගිණී
නුවණින් , දහම වඩවා    දැක ගනිමු මුණී

නොලැබුණු කලට රුචි දෙය සිත දුකින් පෙලා
වැටහුණු අයුරු වැරදියි - හැඟුමකිය මුලා
ඇතිවුණු "ජාති"  ගති, දුක-සැප වෙනස් කලා
තිලකුණු වඩා සැනසෙමු හැම කෙළෙස් හලා

Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය