29-03-2025: සාවකෝ : ඔබ ජීවත් වෙන්නේ ඇයි ?

 29-03-2025: සාවකෝ : ඔබ ජීවත් වෙන්නේ ඇයි ?

ඇසූ කයේ නොව සිත ඇති සැනසීම
විසූ බවක් දැනුනොත් එය රැවටීම
වැසූ දොරක් ඇර පෙන්වන්නා සේම
දෙසූ දහම් කඳ හිමි මෙත්තාරාම

අද, හෙට , අතීතය වත්මන අනාගත
විඳ ජීවත් උනොත් වැටහෙන දෙයකි සිත
තද වෑයමෙන් "මම" කල දේ කිසිත් නැත
සොඳ වැටහුම ගෙනෙයි හැමටම මහත් සෙත

පස් කඳ ගොඩනඟා විසිරෙනු පිණිස රිසී
රැස් කළ සියළු කම් ඵලයන් ඇදෙයි නිසී
දොස් සිත පිරී තෘශ්ණා සහ අවිදු වැසී
හිස් කල නොහේ "භව" සයුරක් ලෙසින් දිසී

ගෙවන බවක් දිවි,  හඟවයි සිත  අවිඳු 
දැනෙන හිඟය "වෙන්කර" ගෙන දුටු නමුඳු
දකින කලට බොරුවක් බව  වුනු පුරුදු
නුවණ වැඩී දිස්වෙයි  සම්මා සමිඳූ


දැක ජීවිතය දඬුවම් ලෙස ලැබුණු විපා
දුක දැක  නිසරු බව දැනගෙන සියලු සැපා
"එක" නොව හේතු ගණනාවක බලය පපා
නෙක ඇස්බැඳුම් දුටුවොත් නැත සතර අපා

ඇවිදින , දුවන , රැකියාවට ගමන යන
හැඳිනුන නමුත්, සිත හැදුනා පමණි දැන
නවතන කලට "භව"  අලුතින් එකතු වෙන
උපදින සිතක් නැත තෙල් නැති පහණ මෙන



Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?