19-04-2025: සාවකෝ : හිතට අමතකම දේ?

 

19-04-2025: සාවකෝ : හිතට අමතකම දේ?

රැස්කල සියළු සංඛත දුක නිවන              රිසී
දොස්මය, ලෝ සතට පිහිටක් නොවෙයි කිසී
විස්තර කර දෙමින් දම් මඟ තිබෙන       වැසී
වොස්සග ධම්ම හිමියන් අද දහම්           දෙසී

සැමට උරුම මරණය එයි දිනක           මට
සිතට නඟා තුන්දොර රැකවලෙහි      සිට
තුනට ලකුණු ගැලපීමෙන් මෙනෙහි කොට
ඔබට කුසල් කල හැක, වැඩ කරන     විට

අසන කලට දම් කරුණක් ඔබ       දන්නා
සවන යොමා ඇසුමට සිත නොම දෙන්නා
ලකුණ එයයි , දහමක් නැත වැටහෙන්නා
නිවන තමා තුල දුටුවොත්     ජය ගන්නා

පස් කම් සැපට අසුවී මසු ලෙසට             බිලී
ගොස් මරු වෙතට , ඇම දැක යයි තදින් සැලී
එකලොස් ගිණි වලින් දැවුනත් තදින්  පෙලී
වෙන්කර දකින "භව දුක" ලොව තනයි යලී

දැන හඳුනනා දෙවල් නම් පිටත         ඇත
ගෙන සැප-දුකත් ඇතුලත ඇති බවක සිත
පැණ විසඳා දිනූ කිසිවෙක් ලොවෙත් නැත
සැනසුම "හේතු ඵල" ලෙස දුටු කලට වෙත

දැන් අරමුණු හේතු ගැලපී හැදෙන හැටී
තුන් කල සැබෑ නැති බව නුවණැසින් දිටී
වෙන්කර දුටුවොතින් පැරදුම ලැබෙයි වැටී
සුන්දර නිවන අන් හැමටම          වඩා වටී

Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය