15-03-2025: සාවකෝ : එතෙර බලා පාරුව පදින්න

 

15-03-2025: සාවකෝ : එතෙර බලා පාරුව පදින්න

එන අරමට නිතර අසමින් දෙසන        දම
පින පලදෙන අයුරු මිස මේ දෙයද?     කිම
දැන වැඩකරමු අගයන් මෙහි තිබෙන හැම 
දෙන අවවාද ගරු හිමිසඳ             මහරගම

ගමන යන්න එතෙරට  තරණයෙන් ගඟ
පදින කෙනෙක් යති එහි පාරුවට  නැඟ
අසන දහම් රඳවා ගෙන වඩන          මඟ
නුවණ තියෙන අය නැවතෙති නිවන ලඟ

පෙනේ එකක් ලංවුනු බව,      නිසා වෙර
දැනේ තියෙන ලෙස වාහන, ගෙවල් දොර
පිනේ බලෙන් ගෙන නුවණැස අවදි කර
දිනේ අනිසි බව දැක            පරදවා මර

හදා සිංහයෙක් ගත් ගුලියකින්       මැටී
රඳා සිටින සැකසුම ඒ පෙනෙන       හැටී
උදා වෙලා හැඟුනත් එක ලෙසින්        සිටී
සදා වෙහෙස පමණකි ඵල නොමැත ගැටී

හැම රසකෑම හදමින් කරනා        වෙහෙස
පමණකි එකතුකල දේ පමණට         අවැස
සෙම, සොටු ,කඳුළු වැනි දෑ කය තුල ගැවස
එම ලෙස හැදුනු දේ මය නැත කිසි වෙනස

තදින් "එකක්"  ඇති හැටියට ගෙන මතය
මහන්සියෙන් ලොව නංවන්නේ       සිතය
හැඳින්නොතින් වෙන්වුණු දේවල්     නැතය
තුටින් ගමන නොමැරෙන කෙම්බිම වෙතය

Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය