15-02-2025: සාවකෝ : ඔබ ජීවත්වෙන්නේ කාත් සමගද

 15-02-2025: සාවකෝ : ඔබ ජීවත්වෙන්නේ කාත් සමගද

ඉපදෙන    මැරෙන බව, "වෙන්කර" ගත්තාම
හැඟවෙන දෙයක් බව නුවණින්       දැක්කාම
නැතවෙන දෙයක්   කෙරුමට දුක   හැරයාම
ඔවදන දුන්නෙ  සමිඳුය              මෙත්තාරාම

මැටියෙන්    තැනූ රුවකට නිසි   බලය          දිදී
සිටිමෙන්  කයත් චලනය හැම         දෙසට ඇදී
හැටියෙන්     සිතේ පණිවිඩයට         අනුව  හැදී
කෙටියෙන් එකී මොහොතට හැඩගැසෙයි රැඳී

ලැබෙන   ලෙසින් අරමුණු, ගොඩ නැගෙයි සිත
එතැන   කලක් පවතින එක       සිතක්   නැත
හැඳින     කයත්  ඒ මොහොතේ    හේතු මත
හැඟෙන දෙයකි, රවටන   ලොව  සියලු  සත

ගණ  දෙවියන්ට සවි කල පසු ඇතුගෙ     හිස
පණ ලැබුණේ කාට? කිවහැකි නොවන ලෙස
දැන සිත,කය තිරව දැක්කොත් මහත් දොස
නැණ ගුණ වඩා යමු සුව දෙන නිවන     දෙස

දැක   පොඩි එකෙක් අවුරුදු ගණනකට පෙර
සැක  නැත අද පෙනෙයි කර ඳඬු වැඩී     තර
"එක"  ලෙස පෙනී "ළමයෙක්" සිත මුලා කර
දුක ගෙන දේය, එයමයි    මෙහි   උගුල    මර

දරුවන්   , නෑ පිරිස , සහකරු ලෙසින් පණ
දැරුවත්  එය සිතේ මායා   ලෙසින්      දැන
දුරු  කොට අදැමි  මිසදිටු ගති වඩා   නැණ
උරුමය  සොයා ගන්නට   තව කරමු  පින!



Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය