08-03-2025: සාවකෝ : ගෙදර ප්‍රශ්ණ වලට විසඳුමක්

 08-03-2025: සාවකෝ : ගෙදර ප්‍රශ්ණ වලට විසඳුමක් 

සිල් රැක දෙයක් අතහැරුමට පුරුදු     වෙන
කල් නොව බුදු සසුන ලොව තුල පහල වුන
අල්ලා ගන්න "දෙය" නැති බව ගනිමු   දැන
පොල්ගහවෙල  හිමිය දෙසුවේ අපට   බණ


ගියත්  ඉවත් වී අත හැර              පරිසරය 
කිසිත් වෙනස් නැත පිළිතුරු තව     දුරය
පවත්වන්න හැදුවත් අයිතිය       තොරය
දකිත් අයෙක්  පෙනුනොත් දහමේ හරය


පිනට  වඩා කළ පව් කම් වැඩි    කෲර 
කලට පිනෙන් වැඩගන්නට වෙමු ශූර
පවට  නැඟී එන්නට ඉඩකඩ      නෑර
සතුට ගන්න නම් මෙත්තාවය  පාර


පිටත   පිරිස් රැස දුටුවත් ලෙස    සතුරූ
සහිත  අවිදු - තෘශ්ණා සිත මයි   නපුරූ
සැපත ලබා දෙන තෙරුවන් කර ඇසුරූ
ලබත මහත් සෙත දුරු වෙයි ගණ අඳුරූ

රැසක් හේතු එකතුව පෙන්නුවත්         ඵල
එකක් ලෙසින් ඇති දේ නැත මෙලොව තුල
උදක් හේතු වෙනසම   බව දකින          කල
කයක් ලෙසින් වැටහී ගොස් පෙනෙයි මුල

එකතු වෙමින් පවතී කය හැම          තිස්සේ
දුක නම් විසිරෙන්න ඇති බවමය      රිස්සේ
දැක භෞතිකය කිසි විට නැති බව නිස්සේ
රැක පුහුණුවෙන් නිපුණව වැඩ ගමු දස්සේ


Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය