22-03-2025: සාවකෝ : සියල්ල දුක වෙන්නේ කොහොමද ?
22-03-2025: සාවකෝ : සියල්ල දුක වෙන්නේ කොහොමද ? ඉස්සර සිටම පැවතෙන බව ලෙසින් නිසී නිස්සය දෙයක් ලෝකය තුල නොමැත කිසී වස්සන දහම් වැසි නෑමට ලෙසින් රිසී වොස්සග ධම්ම හිමියන් අද දහම් දෙසී සිත පිරිහෙන දෙසට නැඹුරුව තිබේ නිති නැත පහසුව පිනට මතුකර සුදන ගති අත පුරවා අවිදු-තෘශ්ණා රැගෙන එති සත හට නුගුණ හුරුවක් උවමනා නැති නිදහස, දුකෙන් සැමගේ උවමනාවය අදහස "දකින දුක" ගැන නම් මනාවය එදවස මහත් මඟුලකි සිත පිනාගිය මදහස නැඟෙයි දැක මරසෙන් පරාජය සය අරමුණු සිතට එයි වෙන ලඟ පාත දැය දැන හඳුන ගන්නා ලෙස වෙයි ජාත එය ඇති දෙයක් නොව සිදුවන සම්භූත නියමය -තුන් ලකුණු දුටුවොත් වෙයි නාථ දුක සැප දැනෙයි වෙන්කරගෙන දුටුව කල දැක එය එකක් නොව එකතුව හේතු වල රැක මේ ගැන සිතා මනසින් මෙනෙහි කල සැකසේ සංවරය, ඉංද්‍රිය හයක් තුල එන හේතුවෙන් හටගෙන පච්චුප්පන්න දැන හැඳිනීම සිදු වුනු දේ ලෙස ගන්න තැන වැරදියි, එයින් අවුලයි භව ගින්න බණ ඇසුවොත් නිවෙයි, දිය වත්කල වැන්න