08-02-2025: සාවකෝ : සැප දුකක් වෙන්නේ කොහොමද ?



විමසා බලනු තම සිත , නොව ලොවේ තතූ
වනසා දමනු කෙලෙසුන් වෑයමෙන් යුතූ
සනසා දම් දෙසන උත්තම මුනිඳු පුතූ
නොඅසා හැකිද? වොස්සග හිමි වදන් මුතූ

කල මුත් පහසුවෙන් කටයුතු අවැඩ ගොතා
දුලබය පිනක් කෙරුමට යහපතක් පතා
ගැලවෙන මඟක් දැක අවබෝධයෙන් සිතා
එලඹෙමු  නිවන දෙස සැනසුම ලැබෙයි ඉතා

ගිණි පිටකරන් අහසට ‍යන කූරු නිලා
මෙනි ජීවිතය, තුන් දොස් ගිණි පුපුරු හලා
වැනි , නිදහස් කලත් ගති සිත තබන පෙලා
මුණිබණ ඇසෙන තෙක් හැමදෙන කරයි මුලා

දැක සැප දුකක් ලෙස අතහැර ඇති පිරිය
දුක උල ලෙසින් බලමින් එය අත හැරිය
නෙක මැදහත් හැඟුම් "අනිස" ව දුටු සිරිය
එක මඟ එයයි නවතන මේ සුවි සැරිය

වෙන්වී දුටු කලට සැප, දුක දැනෙයි හැඟී
තණ්හා නැගීඑයි එකලට කෙලෙස් පෙඟී
දන්නා කෙනෙක් හේතුව සහ ඵලය රැඟී
යන්නා නිවන් දොර වෙත එය මහත් අගී

බලන , අහන කෙනෙකුන් ලෙස දැනේ "මම"
පෙනෙන , ඇහෙන දේ මය මේ සිද්ධි හැම
නුවණ වඩා දුටුවොත් එය ලෙසින් ඇම
නිවන කරා ගෙන යයි , සුව ලැබෙන අම

Comments

Popular posts from this blog

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

26-04-2025: සාවකෝ : බුදුදහම ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්නද ?