01-02-2025: සාවකෝ : නොපෙනෙන ලෝකය

 


මුලු කාලයම  රැක ගන්නට දරු පවුල
දිවි කැප කලොත් මතුවට වෙයි මහ තැවුල
දහමේ යෙදී  විසඳන්නට මේ අවුල
මෙත්'රම සමිඳු හඬවයි  සඳහම්  දවුල

දැක යම් දෙයක් හැඟුනොත් බව පෙර දුටුව
සැක නැත එයයි අවිදුන් කල මිස දිටුව
නෙක ලෙස හේතු ඒ ඒ මොහොතේ ඉටුව
දැක ගත හැකිය, පෙර දේ නොමඑයි කැටුව

තියෙන දෙයක් ලෙස වස්තුවෙ ඇති  පාට
හිතෙන හැඟුම, එය වෙන්කර දුටු දාට
මැවෙන රුවට සිත ගෝචර කෙරුවාට
කරුණ  කිමද ? වස්තුවෙ සිත බැඳුනාට

දකින දෙයක් පිට ඇති බව හැඟෙනු මිස
තියෙන දෙයක් දුටුවොත් නම් මහත් දොස
පෙනුන රුවත් සිත තුල ගොඩ නැඟෙන යස
පමණ නොකල එක්වූ නෙක හේතු රැස

බැණ අන් අයට, කරදර කර අඬ දබර
ගෙන එය "එකක්" ලෙස සිහිකරමින්  නිතර
මොන ඵලයක්ද?  එය දිගු කරවයි සසර
දැන නැණ වඩා දැක ගමු අරි-සස්  සතර

දුක ගොඩනගන බව තණ්හා-අවිදු හිත
දැක පසිඳුරන් පෙන්වන දේ පිටත නැත
"එක"ලෙස නොගෙන හැඟුමක් බව වඩා සිත
සැක නැත , එයයි  මඟ සසරට තබන තිත.

Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය