25-01-2025: සාවකෝ : මනුස්ස පැලෑටිය



රඟන චරිත වෙහෙසී පිටපතක් ලියා
මරණ පැමිණ නවතයි තව එකක් තියා
නොඑන පරිදි නැවතත් මෙහි රඟන නියා
දෙසන දහම්දිව් හිමි, හද පිරුණු දයා

නිසි ලෙස හේතු ගැලපී හට ගැණුනු පසේ
දිසි මේ කයත් සම වෙයි සැකසුමට ගසේ
කිසි වෙනසක් නොමැති එක් වුන ධාතු රැසේ
රිසි ලෙස අපට නතුකල හැකි කවර ලෙසේ

සතෙක් කියා හැඟුනත්  ගොඩනැඟෙන සිත
උදක් සොබාදම මිස මෙහි කිසිත් නැත
නොයෙක් ලෙසින් ඇදගත් ශක්තියක් වෙත
වැඩක් කෙරෙයි ඇති වන උවමනා මත

එක්වුන කලට දෙසිතක් බැඳෙමින් තරයේ
ඇතිවුන වෙනස නැංවුනු නව පරිසරයේ
ඇදගෙන එයට ගැලපෙන ශක්තිය වෙරයේ
ගෙනදෙන ඵලය, ලෝ දම දෙන අවසරයේ
 
දැක කය ගසක් ලෙස ගලපා උපමාව
සිත එලෙසටම බිහි වෙන බව නොපමාව
දැන ශක්‍තියේ ආකර්ෂණ හැකියාව
දැක ගමු සිතක්  පෙන්වන බොරු මායාව

දකිමින් සසර මායාවක් ලෙස නිසරූ
යොදමින් දහම් දුරු කරමින් ඝන අඳුරූ
වඩමින් නුවණ කරමින් උතුමන් ඇසුරූ
මරසෙන් දිනා මොක් පුර එලඹෙමු සොඳුරූ 

Comments

Popular posts from this blog

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

26-04-2025: සාවකෝ : බුදුදහම ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්නද ?