18-01-2025: සාවකෝ :බය වෙනවට බයයි ද?

 

දුක් කඳ සමග සසරේ තව දුක් විඳින
පින් මඳ නිසා මිස වෙන කරුණද කුමන
දම් නඳ නඟා අප සිත් සුවපත් කරන
වොස්සග ධම්ම හිමි දෙසුවා අම නිවන

දිය යට ඇති කොටස පාවෙන හිම කඳක
ලොකුවට ඇතත් නොපෙනේ එය කිසි කලක
සතහට පෙනෙන සහ නොපෙනෙන දුක අධික
මතුපිට - ජලය යට , ඇති හිම මෙනි නොයෙක

ඇලෙන ගැටෙන හැම දේවල් දැනෙන දුක 
හැලෙන ගහේ කොළ මෙන් යලි නැගෙයි නෙක
හැඳින සැබැ දුක නුවණැස තුලින්  දැක
නිවන ලබමු සැනසෙන මඟ එයයි එක

නැත ලොව සැබෑ, හොල්මන් වැනි දෑ කිසිම
නෙත ගැටුනොතින් බිය වෙයි සලිතව ගතම
සිත මිස "මමෙක්" මෙහි නැති බව දැන දැනම
සත එලෙසටම බිය නොවෙනා හැටි පුදුම

එන උපදෙසක්  මතුවීමෙන් බලය පිනේ
දැන "මට" කියා සිතුනත් "මම" එයින් තැනේ
ගෙන එය නිවන බව දැක හැකි සියලු තැනේ
නැණ ගුණ වඩා ගත්තොත් අම සුවය දැනේ

නොයෙක් ගැහැට එයි සතුනට ලොව ඉන්නා
දුකක් ලෙසින් හැම දෙන එය හඳුනන්නා
එකක් නොවෙයි මෙය හැඟුමක් බව දන්නා
කෙනෙක් උතුම් අම නිවනින් සැන සෙන්නා

Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?