04-01-2025: සාවකෝ : ජීවිත තණ්හාවෙන් නිදහස් වෙන්න


04-01-2025: සාවකෝ : ජීවිත තණ්හාවෙන් නිදහස් වෙන්න

කලොත්  පිනක් එහි ප්‍රතිඵල තමන් වෙත
සැපැත්  වේය ඒ ගැන කිසි සැකක් නැත
තවත්  පිනෙන් ඵල ගන්නට මහග්-ගත
දෙසත් දහම්දිව් තෙරිඳුන් අපට     හිත

අසන  කලට දම් දෙසුමක් සවන්        යොමා
දැනෙන හැඟුම හැදෙනා "සිත" තුලයි තමා
බලන කලට සිත සෑදෙන කරුණු      කිමා?
පමණ නොමැත ගැණ අවසන් නොවේ නිමා

පස් කඳ හේතු ගණනක එකතුවෙන් නැගේ
දිස් වෙන  හිතෙන දේ  නැත එය මමය-මගේ
රැස්කර නොගෙන විසිරුවම්න් නොකර අගේ
තොස් කර "අනිස" දැක යමු අපි නිවන්  මඟේ

ඇනුම් බැනුම් එයි පලදී පව්         පරණ
සුසුම් හෙලා දුක් වීමෙන් පල       කුමන
නොනිම් හේතු ගණනක ඵලයක් ලෙසින
දහම් තුලින් දැක, ලැබගමු අම     නිවන

අරමුණු ගෙනෙන දේ ගත්තොත් එකක් ලෙස
වැරදුණු තැන එයයි "සැප-දුක" දැනෙයි    යස
විසිරණු , බලා සසඳන්නට නොහැකි      ලෙස
තිලකුණු වැඩෙයි ,  ලං කරමින් නිවන්    රස

දුටුවොත් කෙනක් තුල ඇති වරදක් නොනිසී
ගුණවත් සඟුන් වෙත දෙන දන් මෙන් සැරසී
මැදහත් සිතින් පෙන්වා අයුරෙන්     අවැසී
දහමත්, පිනත් වඩවා ගෙන යමු      සැනසී

Comments

Popular posts from this blog

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

26-04-2025: සාවකෝ : බුදුදහම ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්නද ?