28-12-2024: ස්‍රාවකෝ - වටින දේවල් හොයන්න හිතෙන්නේ ඇයි?

 

28-12-2024  මෙත්තාරාම ස්වාමීන්වහන්සේගේ "වටින දේවල් හොයන්න හිතෙන්නේ ඇයි?" සාවකෝ දේශනාව ගැන


සොයා නොයෙක් පිළිතුරු විසඳා පැනය

ක්‍රියා කලත් , ගැටලුව නම් එක තැනය

කියා දෙමින් පෙන්වා        ආදී - නවය

දයා පිරුණු මෙත්‍'රම හිමි දුන්  ධනය

 

පිරිවර, සියළු වස්තුව ප්‍රිය කරන      පතා

සරිකර ගත් නමුත් තන්හාවකින්       සිතා

ඇතිකර වටිනකම  සිතතුල හැඟෙන ඉතා

එකවර  ඇසුරු කරවයි මෙහි හැදෙන සතා

 

දැක ගෙන කෙනක් යන හැඩඇති ඇඳුම් ඇඳ

දුක ඇතිවේද? මදිවී තම ඇඳුම          හොඳ

එක වර අගය අඩු වෙයි ප්‍රිය ගතිය       සිඳ

සැක නැත අගය හැඟුමකි සිත හඟින   ලද

 

ලබනා උසස් රැකියා හොඳ සරු      සාර

සොයනා ඔබේ සහකරු ගෙන කර කාර

මනිනා මිනුම ගන්නට හරි දේ     තෝර

වටිනා කමයි  සිත එය වෙත දෙන භාර

 

බිඳුනත් කැඩී විසිරී ගොස් සැම     අතට

බඳුනත් ලෙසින් තිබුණත් නොකැඩී එකට

රැඳුනත් දෙකම වීදුරු බර එක     ලෙසට

පුදුමත් හිතෙයි දෙන අගයට සැක   සුමට

 

හොරුන් ගෙයක් බිඳ ගෙන රන්-රුවන් රිදී

දුකින් පෙලෙයි තරමට කල අගය        දිදී

දකින් දූලි-රන් එක අණුවකින්          හැදී

හැඳින් නොතින් සුවදෙයි දුකින්     මිදී

 

වෙනස් දෙයක් ලෙස සිත දැරුවත්  මතය

වෙසෙස් එකම දේ ඇති      අන්තර්-ගතය

උසස් කියා වෙන් නොකොලොත් වී සෙතය

අවස් ථාව,  නිවනට   මඟ           වෙතය


Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය