21-12-2024: ස්‍රාවකෝ - උපරිමයෙන් ජීවත්වෙන්නේ කොහොමද ?

 උපරිමයෙන් ජීවත්වෙන්නේ කොහොමද ?


පිරුණ කලට කලයක් උව තෙක්ම මුව
එතැන පටන් පල නැත ජල බිඳෙන් තව
කරුණ අවැසි පුරවන්නට ගමන භව
දෙසන වොස්ස'අග හිමි දුන් අමා සුව

මළොත් කෙනෙක් නොපිරී , ගතියෙන් ඌණ
සැකත් නොමැත උපදිති සසරෙහි හීන
සැපත් වෙන්න නිවනට ආපසු නේන
ඔබත් පිරෙනු දහමෙන් දුරු කර මාන

ගතිය අවිදු සඟවන ලොව සැබෑ තතූ
නැතිය "අනිස" යෙදුමට ඉඩ ලෙසින් සිතූ
සතිය, විරිය සහ ඇසුරෙන් කළණ මිතූ
හැකිය ගමන නිවනට ඒ ලෙසින් පැතූ

අසා කෙනෙක් ගත් බව මේ ලොවෙන් සමූ
නිසා දිවිය පරඬැල් මෙන් සුලඟෙ හැමූ
හිසා දැවෙන කල මෙන් දහමටම නැමූ
ලෙසා වැරෙන් මඟ වැඩුමට පුරුදු වෙමූ

කුඩා සතුන් ඇඟ ලේ බොන මැසි මදුරූ
විඩා කලොත් බය- අකැමති සිත් පැතිරූ
වඩා දරුණු මරණය එන විට රුදුරූ
හඬා වැටෙයි සිත වියලෙයි,  වෙයි අඳුරූ

තුන් කල, අතිතය වත්මන අනා ගත
දැන්වෙන හිතේ හැඟුමකි එය ලොවේ නැත
වෙන් කර නොගෙන දැක දහමින් තථා ගත
පින් ඇති සැවොම සැනසෙති දුක් මකා සිත

Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය