14-12-2024: ස්‍රාවකෝ - දුන්නොත් ලැබෙන විදිහ දන්නවාද?
දුන්නොත් ලැබෙන විදිහ දන්නවාද?
ගෙන දෙන සියලු යහපත කල පිනෙහි බල
ගුණ මා-පියන් පරිසරයි සකස් කල
දෙන උපදෙස් අපට පින මයි හැමට මුල
නැණ වත් මහරගම හිමිගේ දහම් පෙල
අසන කලට සිරි සඳහම් පිරිස මැද
සවන තුලට වැදුනත් ඒ දහම් පද
දැනෙන හැඟුම හැමටම එක නොවන ලෙද
කරන පිනම අවබෝධය ගෙනෙයි සොඳ
හිතේ සතුට රැක ගන්නට හෙට දවස
නැතේ වෙන යමක් අද පිං කරනු මිස
සිතේ පහන් හැඟුමින් ගොඩනැඟුණු යස
දෙතේ එපින් තුන්ලොව ඇති ඉසුරු රැස
බැනුන් ලෙසින් ඔබ වෙත එයි කල පාපේ
අනුන් කල දෙයක් නොව ,නොකරනු සාපේ
ලිවුන් බෙදන මහතෙකු ඔබ ලිපි ලේපේ
අරන් බෙදනු වැනි , පල නැත වී කෝපේ
කළොත් වැඩක් අන් අය ගැන වැඩ කැමතී
ලබත් සියළු සැප ඔබ වෙත එයි නිතැතී
නැවැත් තුවොත් යහපත ලෝ සත පැවතී
විපත් කරයි ඔබගේ සැප ඉන් නවතී
පතන කෙනක් ලැබගන්නට අම නිවන
හැඳින ලැබෙන්නේ දුන් දේ බව පරණ
කරන සියළු දේ පර හට වන සරණ
නිවන ලබති, එපිනෙන් මෝරා නුවණ
Comments
Post a Comment