07-12-2024: ස්‍රාවකෝ : බුද්ධ ආශිර්වාදය ලබන විදිහ


බුද්ධ ආශිර්වාදය ලබන විදිහ

නිවන වසන  දේ දුරු කර හැම බාදා
නුවණ වඩන පිළිවෙත් සුරැකිව සාදා
ලබන අයුරු මුණිඳුගෙ ආශිර්වාදා
දෙසන දොඩංගොඩ හිමි නමදිමි පාදා

උදේ හවස මඟ වඩමින් නිති පුහුණු
හදේ මහත් ගුණ වඩවා කර දියුණූ
පිදේ මුණිඳු වෙත බැතියෙන් ගුණ පිරුණු
රැඳේ සසුන සතු දේ මග ඵල ලැබුණූ

තෙරුවන් කෙරෙහි සිදු කළ ආමිස දාන
වෙසෙසින් කලත් සව් සැප ඔබවෙත ගේන
පෙවෙතින් වඩා දුරු කෙරුවොත් ගති හීන
උතුමන් ඔබව පසසයි බලමින් මූණ


සිහි කල ලෙසින් ක්‍රීඩකයන් ජය ගහන
සමරමු අපේ ලද දියුණුව මග වැඩුන
තරඟය ලෝභ, දොස් සහ මෝහය පිරුණ
දම් මඟ සියළු ලෝසත දුක් ගිණි නිවන

ගියොත් තැනක එහි අගයන් ඉහළ දමා
කලොත් ක්‍රියා, වෙන යහපත නොමැත නිමා
රැගත් ජවය මඟ වැඩුමට කරන යොමා
සැපත් ගෙනෙයි ලැබ දී ඒ නිවන අමා

Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය