19-10-24: සාවකෝ- ඔබට ඕනේ ලස්සනද ? රූපයද
ඔබට ඕනේ ලස්සනද ? රූපයද
දුක සැප අපේ අසමින් මුව සිනහ මවා
නෙක උපදෙසින් වීරිය අප තුලට කවා
එක මග දෙසන භවදුක් කර ගන්න නිවා
දැක මෙත් අරමෙ හිමි නමඳිමි දෙදණ නවා
සිතේ දුකට කම්පා වී වැටෙන හඬා
නැතේ පිටත පිළිතුරු එය කරයි විඩා
හිතේ හැදුන පස්කඳ හා කෙලෙස් කඩා
සෙතේ ලබමු මොක් පුර යන ගමන වඩා
අසන කලට ගීයක් මන වඩන තොසේ
ගයන හඬත් , සංගීතය සමග ඇසේ
දකින රුවක් පිට ඇති එක දෙයක් ලෙසේ
හැඟෙන නමුත් භව රෝගය දකිමු මෙසේ
පෙනේ මලක් පියකරු ලෙස බැඳෙයි සිත
දැනේ එකක් ලෙස කෙලෙසුන් නිසා කැත
ගුණේ දෙකකි "මල" "ලස්සන" එකක් නැත
නැණේ වඩමු "ලස්සන එක" බිඳී යත
ඇසට දැනෙන එක දේ විතරයි පාට
සිතට හැඟෙන දේ විවිධයි වුව කාට
කලට පෙනී රැවටීමක් බව කූට
සතුට දැනෙයි එය නුවණින් දුටු දාට
බලල් වසුරු අත ගැටුනොත් නැත පිරිය
පියල් ලකට සිත බඳවයි දැක සිරිය
සියල් ලටම මුල "ඇති ලෙස" දැක බැරිය
නොඇල් ලෙන්න අපි තරයේ ගමු දිරිය
Comments
Post a Comment