16-11-24 :සාවකෝ :මෙලොව රහ ගැන දන්නවාද

 *ධම්මජීව ස්වාමීන් වහන්සේගේ මෙලොව රහ ගැන දන්නවාද  ශ්‍රාවකෝ දේශනාව ගැන*


උතුම් නිවන වෙත යන්නට වඩන මඟ

දහම්  දෙසන කරුණා ගුණ පිරුණු ලඟ

නොනිම් ලෙසින් රැකවරණය කරන සඝ

දොඩම් ගොඩ සමිඳු  දෙසුවා දහම් ගඟ


රහත් ඵලය ලැබ ගන්නට රුචිය ඇතේ

එයත් ඡන්දයකි, කුසලය වඩන  සිතේ 

නමුත් නිවන යනුවෙන් එක තැනක් නැතේ

ඇතොත් ලෝහ ගති, දුරලයි මහත් සෙතේ


රාග දෝස ගති,  දුක් දෙන සතර අපා

සමග කිසිම විට තරහින් ඉන්න එපා

"මම" යි කියා හැඟෙනා විට "ගතිය" පපා

දෙකම ජාති බව දැක්කොත් නිවන් සැපා


හයක් ආයතනය දැක හෝ පහක් කඳේ

දෙයක් කෙනෙක් මෙහි නැතිබව දකින සඳේ

උදක් මෝඩකම දැක මුව සිනහ රැඳේ

නොයෙක් ලෙසින් සිත ඇති දුක් කඳින් මිඳේ


එකින් එක අරන් ගැලපූ කලට පදේ

එයින් කවිය යන එකතුව හොඳින් හැදේ

පිනෙන් කර්ම ශක්තිය හා බැඳුන තදේ

කයෙන් තැණුනු අප සසරේ විඳින වදේ

Comments

Popular posts from this blog

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

26-04-2025: සාවකෝ : බුදුදහම ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්නද ?