14-09-2024: සාවකෝ -මිනිස්සු එක්ක ගණුදෙනු කරන්නේ කොහොමද?

 මිනිස්සු එක්ක ගණුදෙනු කරන්නේ කොහොමද?

සරණ වෙමින් සැමදෙනටම සියළු තැන
නිවන පිණිස නිති උපදෙස් අපට දෙන
අරණ වසන ඉංගිරියේ ජේත වන
කලණ මිතුරු දම්දිව් හිමි දෙසූ බණ

කරන උදව් අන් අයගේ නිවන පතා
ගමන ඔබේ ගෙනයයි වේගයෙන් ඉතා
හැඳින වෙනස්කම් ඇති බව හොඳින් සිතා
ඔබින පරිදි උපදෙස් දී කරමු කතා

අසන දහම් මඟ වැඩුමට සිතට මැලී
කුමන හේතුවද ? සිත යයි තදින් සැලී
ගෙවුන නිසා පින් බලයන් යටට ගිලී
නිවන දුරුව ලෝකය වෙත ඇදෙයි ඇලී

වරද සතට කල, නිවනෙන් දුරස් කෙරූ
නිබඳ නැවත එයි, මගහැර දුවනු බොරූ
අනඳ තෙරුන් දිගු කල් මහ පෙරුම් පිරූ
ගියෙද රොඩී කත දැක වසඟයට මරූ

බිරිඳ, ළමයි, සැමියා රැඳි ඔබ නිවස
නොබිඳ ඔවුන් සිත් කටයුතු කර නොලස
නොසිඳ වඩා මෙත් සිත  උදයේ සවස
සබඳ, නිවන් දොර වෙත එලඹෙමු විගස

අසා දහම් තිලකුණු හැම හොඳින් දැක
නසා නොගෙන සිය දිවි, මනු ගුණේ රැක
දොසා සහිත ලොව- සිහිනය දෙකම එක
නිසා,  නිවන වෙත ලංවෙමු නසා දුක

Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය