12-10-24: සාවකෝ -කතා කරන ගොළු මිනිස්සු
*ධම්මජීව ස්වාමීන්වහන්සේගේ 12/10/2024 කතා කරන ගොළු මිනිස්සු ස්‍රාවකෝ දේශනාව ගැන*
වඩමින් කුසල් ලැබ ගන්නට තම නිවන
නිදුකින් ජේතවන අරමේ වැඩ සිටින
උතුමන් දම්ජීව හැමටම වෙන සරණ
දෙසමින් දහම් වඩවති අපගේ නුවණ
දැව, ලී ,ප්ලාස්ටික් ඈ නෙක නෙක ජාතී
නොව මේ එකම දෙය වෙනවෙන ගති පාතී
බව මේ සතර ධාතුව නැත වෙන ජාතී
ලොව දම් පසක් කරගමු කම් පල නීතී
දුරලනු පිණිස පීඩා ගති හැදෙන හිතේ
ආරක්ෂක ක්‍රමය සං කාරයම වෙතේ
ජාතිය කියා හැඟෙනා "මම" කියන මතේ
මිරිඟුව වගෙයි එය බොරුවකි සැබෑ නැතේ
නොයෙක් වර්ණ අරගෙන ගැලපෙන පමණ
අයෙක් අඹන පිළි රූ මෙන් ගති තිබෙන
හයක් තියෙන ඉන්ද්‍රිය මත ගොඩ නැගුණ
සිතක් පමණි දැක ගමු වඩවා නුවණ
කතා කරන බව හැඟෙනා මිහිරි හඬ
සතා උනත් බඩගා යන පිඹින සැඩ
සිතා බලන විට සිත ඇති අවිදු මැඬ
ඉතා හොඳින් වැටහෙයි දෙක එකම හැඩ
යමක් හොඳින් වැටහී යන විට මනසේ
මතක් වෙලා නම්-ගොත් යා කර සුවසේ
සිතක් තැනී මතුවී "මම" එක විලසේ
කලක් සසර දුවවයි කරමින් වෙහෙසේ
Comments
Post a Comment