28-09-2024: සාවකෝ -තියෙන දේ හැඟෙනව ද? හැගෙන දේ තියෙනව ද?

 *වොස්සග්ග දම්ම ස්වාමීන්වහන්සේ පසුගිය සතියේ ස්‍රාවකෝ දේශනාව ගැන*


කල් ගත කරන මඟ වඩමින් නිති පුහුණු 

සිල් ගුණ සදිසි  මහ මුහුදට දිය පිරුණු

එල් වූ බරක් මෙන් සිත  නිවනට නැමුණු

පොල් ගහවෙල සමිඳු දෙසුවේ දම් කරුණු 


කදිම දෙයක් ලෙස සිතුවොත් ලොව සාර

උරුම වේය කරදර දුක්  ගති නෑර

 නියම කලණ ඇසුරෙන් අහගෙන පාර

ලොකුම දුකයි දැන ගමු  අභි-සංඛාර


ගෙනෙන  සිතට අරමුණු දොර පස් ඉඳුරූ

නිවන වසන ඇම, බව මරු මග  ඇතිරූ

හැඳින, නිතර තිලකුණු වැඩුමෙන් මහරූ

දිනන දිනුම මොක් සුව ගෙනදෙයි සොඳුරූ 



බැන අන්  අයට උදහස්වී දැඩිව කිපී

දෙන  පීඩාව වැඩිවී එහි තදින් හැපී

දැන මෙය නොවන බව තේජස් ගතිය අපී

ගුණයෙන් වැඩෙමු නුවණැස් මල් වලින් පිපී


ඉන්නා අහර ගැලපී අඩු නැත එකදු

තන්හා කර්ම එක්වී සමගින් අවිදු

එන්නා ගොඩනැඟී පස්කඳ ලෙස පුරුදූ

ගන්නා කෙනෙක් "එන විදිහට", මරු පැරදු


හැඟෙන දෙයක් හැඟෙනා ලෙස නොහැඟීම

නොදැන, "තියෙන" ලෙස ගත්තොත්  වැරදීම

සවන පුරා  සිරි සඳහම් ඇසුවාම

නුවණ වැඩෙයි , එයමයි මග ගොඩ යාම

Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?