05-10-2024 :සාවකෝ -ඔබ අඩුපාඩු නිසා දුක් විඳිනවද?

 *මෙත්තාරාම ස්වාමීන්වහන්සේගේ ස්‍රාවකෝ දේශනාව ගැන*


ඇත්තට ඔබට ඇති ප්‍රශ්නය හැමදාම

සිත් බැඳි බවයි, නොව ඒදෙය නොලැබීම 

උත්තර සොයන්නට දහමෙන් එකසේම

උත් තම හිමිය දෙසුවේ     මෙත්තා රාම 


අසල් ගෙයක වත්තක රැයකදි අඳුරූ 

කෙසෙල් ගසක් වැනුනොත් තැනකින් නුදුරූ

විකල් නොවී දැන "හොල්මන් නැත" රුදුරූ

සියල් ලටම  මුල අඳුරයි සිත පැතිරූ


දරුවන් කියන දේ නොඅසති කර වාද

කෙරුවත් පලක් නැත කෙතරම් අවවාද

පිරුනොත් හිතේ තරහින් ඒ ගැන ක්‍රෝධ

දරුමෙන් දකිමු ප්‍රශ්නය  හිත තුල නේද?


හිතේ තිබෙන ගැටළුව වන පිණිස නිමා

නැතේ පලක් කෙරුවොත් රුචි දෙයක් තමා

වතේ පිහිට මඟ වැඩුවොත් නොවී පමා

වෙතේ සියලු යහපත, සුව ලැබෙයි අමා


කරන සියලු වැඩ වෙහෙසයි දැනෙන විඩා

කුමන පලද වෑයම ? කර "අඩුව " කුඩා

ඉගෙන, අවිදු මැඩලීමෙන් නුවණ වඩා

දිනන කෙනෙක්, නැත කිසිදින නැවත හඬා


මවක් පියෙක් දරුවෙක් ලෙස සිතට හැඟී

ලොවක් මැවෙයි අප තුල මහ කෙලෙස් නැඟී

සිතක් පමණි මෙය අරමුණු වලින් පෙඟී

පසක් කළොත් එය ලොවටත් වඩා අගී

Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?