Posts

Showing posts from October, 2024

26-10-24: සාවකෝ -මනුස්සකම පහලට ඇද දමන ආසාව

 *මෙත්තාරාම ස්වාමීන් වහන්සේගේ මනුස්සකම පහලට ඇද දමන ආසාව දේශනාව ගැන* ලැබුන මිනිස් බව, දැක එහි  තිබෙන අගේ නොගෙන කැමති දේවල් ලෙස මමය-මගේ නොයන ලෙසට හර සුන් මේ සසර දිගේ දෙසන මහරගම හිමි  සඳ හරිම අගේ සැමියා, බිරිඳ , දූ-දරු සහ ඉසුරු රැස සපයා ගත්ත තනතුරු සහ බලය යස හැරයා යන්න බැරිනම් මතකයෙන් පිස  නැතයා තැනක් මළ පසු එහි රැඳෙනු මිස පැමිණ සොර මුලක් ආයුධ ඇතිව අත වටින ඔබේ හැම වස්තුව පැහැර ගත හැඳින අගය මිනිසත් මේ දිවි , පෙවෙත නුදුන මැනවි වෙන්වෙන්නට ගතින් සිත ගලන ගඟක ලී කොටයක් පහල ඇදී ගමන ඇදෙයි යන තෙක් මුහුදටම වැදී ගෙවන දිවිය සැම පස්කම් සුවය දිදී දිනන කෙනෙක් නැත, නිරයේ දුකම විඳී  කම්පන ගලා කණ් බෙරයේ තුළට ඇනී නංවන දෙයක් හිත "හඬ" ලෙස හඳුන ගනී රැස්වුන සියළු නම්-ගොත් එක ලෙසින් දැනී දන්වන හැඟුම "වචනය" ලෙස හැඳින් විනී නොයෙක් වර්ණ, රූපය ලෙස සිත  දන්නා හිතක් හඟින හඬ  මුවකින් නොම එන්නා දෙයක් පිටත නැති බව නුවණින් දන්නා අයෙක් නිවන් දොරටුව වෙත පිය මැන්නා

19-10-24: සාවකෝ- ඔබට ඕනේ ලස්සනද ? රූපයද

  ඔබට ඕනේ ලස්සනද ? රූපයද දුක සැප අපේ අසමින් මුව සිනහ මවා නෙක උපදෙසින් වීරිය අප තුලට කවා එක මග දෙසන භවදුක් කර ගන්න නිවා  දැක මෙත් අරමෙ හිමි නමඳිමි දෙදණ නවා සිතේ දුකට කම්පා වී වැටෙන හඬා නැතේ පිටත පිළිතුරු එය කරයි විඩා හිතේ හැදුන පස්කඳ හා කෙලෙස් කඩා සෙතේ ලබමු මොක් පුර යන ගමන වඩා   අසන කලට ගීයක් මන වඩන තොසේ ගයන හඬත් , සංගීතය සමග  ඇසේ දකින රුවක් පිට ඇති එක දෙයක් ලෙසේ හැඟෙන නමුත් භව රෝගය දකිමු මෙසේ පෙනේ මලක් පියකරු ලෙස බැඳෙයි සිත දැනේ එකක් ලෙස  කෙලෙසුන් නිසා කැත ගුණේ දෙකකි "මල" "ලස්සන" එකක් නැත නැණේ වඩමු  "ලස්සන එක"   බිඳී යත ඇසට දැනෙන එක දේ විතරයි  පාට සිතට හැඟෙන දේ විවිධයි වුව  කාට කලට පෙනී රැවටීමක් බව කූට සතුට දැනෙයි එය නුවණින් දුටු දාට බලල් වසුරු අත ගැටුනොත් නැත පිරිය පියල් ලකට සිත බඳවයි දැක සිරිය සියල් ලටම මුල "ඇති ලෙස" දැක   බැරිය නොඇල් ලෙන්න අපි තරයේ ගමු දිරිය

12-10-24: සාවකෝ -කතා කරන ගොළු මිනිස්සු

 *ධම්මජීව ස්වාමීන්වහන්සේගේ 12/10/2024 කතා කරන ගොළු මිනිස්සු ස්‍රාවකෝ දේශනාව ගැන* වඩමින් කුසල් ලැබ ගන්නට තම නිවන නිදුකින් ජේතවන අරමේ වැඩ සිටින උතුමන් දම්ජීව හැමටම  වෙන සරණ දෙසමින් දහම්  වඩවති අපගේ නුවණ දැව, ලී ,ප්ලාස්ටික් ඈ නෙක නෙක ජාතී නොව මේ එකම දෙය වෙනවෙන ගති පාතී බව මේ සතර ධාතුව නැත වෙන ජාතී ලොව දම් පසක් කරගමු කම් පල නීතී දුරලනු පිණිස පීඩා ගති හැදෙන හිතේ ආරක්ෂක ක්‍රමය සං කාරයම  වෙතේ ජාතිය කියා හැඟෙනා "මම" කියන මතේ මිරිඟුව වගෙයි එය බොරුවකි සැබෑ නැතේ නොයෙක්  වර්ණ අරගෙන ගැලපෙන පමණ අයෙක් අඹන පිළි රූ මෙන් ගති තිබෙන  හයක් තියෙන ඉන්ද්‍රිය මත ගොඩ  නැගුණ සිතක් පමණි දැක ගමු වඩවා නුවණ  කතා කරන බව  හැඟෙනා මිහිරි හඬ සතා උනත් බඩගා යන පිඹින සැඩ සිතා බලන විට සිත ඇති අවිදු මැඬ ඉතා හොඳින් වැටහෙයි දෙක එකම හැඩ යමක් හොඳින් වැටහී යන විට මනසේ මතක් වෙලා නම්-ගොත් යා කර සුවසේ සිතක්  තැනී මතුවී "මම" එක විලසේ කලක් සසර දුවවයි කරමින් වෙහෙසේ

05-10-2024 :සාවකෝ -ඔබ අඩුපාඩු නිසා දුක් විඳිනවද?

 *මෙත්තාරාම ස්වාමීන්වහන්සේගේ ස්‍රාවකෝ දේශනාව ගැන* ඇත්තට ඔබට ඇති ප්‍රශ්නය හැමදාම සිත් බැඳි බවයි, නොව ඒදෙය නොලැබීම  උත්තර සොයන්නට දහමෙන් එකසේම උත් තම හිමිය දෙසුවේ     මෙත්තා රාම  අසල් ගෙයක වත්තක රැයකදි අඳුරූ  කෙසෙල් ගසක් වැනුනොත් තැනකින් නුදුරූ විකල් නොවී දැන "හොල්මන් නැත" රුදුරූ සියල් ලටම  මුල අඳුරයි සිත පැතිරූ දරුවන් කියන දේ නොඅසති කර වාද කෙරුවත් පලක් නැත කෙතරම් අවවාද පිරුනොත් හිතේ තරහින් ඒ ගැන ක්‍රෝධ දරුමෙන් දකිමු ප්‍රශ්නය  හිත තුල නේද? හිතේ තිබෙන ගැටළුව වන පිණිස නිමා නැතේ පලක් කෙරුවොත් රුචි දෙයක් තමා වතේ පිහිට මඟ වැඩුවොත් නොවී පමා වෙතේ සියලු යහපත, සුව ලැබෙයි අමා කරන සියලු වැඩ වෙහෙසයි දැනෙන විඩා කුමන පලද වෑයම ? කර "අඩුව " කුඩා ඉගෙන, අවිදු මැඩලීමෙන් නුවණ වඩා දිනන කෙනෙක්, නැත කිසිදින නැවත හඬා මවක් පියෙක් දරුවෙක් ලෙස සිතට හැඟී ලොවක් මැවෙයි අප තුල මහ කෙලෙස් නැඟී සිතක් පමණි මෙය අරමුණු වලින් පෙඟී පසක් කළොත් එය ලොවටත් වඩා අගී