26-10-24: සාවකෝ -මනුස්සකම පහලට ඇද දමන ආසාව

 *මෙත්තාරාම ස්වාමීන් වහන්සේගේ මනුස්සකම පහලට ඇද දමන ආසාව දේශනාව ගැන*



ලැබුන මිනිස් බව, දැක එහි  තිබෙන අගේ

නොගෙන කැමති දේවල් ලෙස මමය-මගේ

නොයන ලෙසට හර සුන් මේ සසර දිගේ

දෙසන මහරගම හිමි  සඳ හරිම අගේ


සැමියා, බිරිඳ , දූ-දරු සහ ඉසුරු රැස

සපයා ගත්ත තනතුරු සහ බලය යස

හැරයා යන්න බැරිනම් මතකයෙන් පිස 

නැතයා තැනක් මළ පසු එහි රැඳෙනු මිස



පැමිණ සොර මුලක් ආයුධ ඇතිව අත

වටින ඔබේ හැම වස්තුව පැහැර ගත

හැඳින අගය මිනිසත් මේ දිවි , පෙවෙත

නුදුන මැනවි වෙන්වෙන්නට ගතින් සිත


ගලන ගඟක ලී කොටයක් පහල ඇදී

ගමන ඇදෙයි යන තෙක් මුහුදටම වැදී

ගෙවන දිවිය සැම පස්කම් සුවය දිදී

දිනන කෙනෙක් නැත, නිරයේ දුකම විඳී 


කම්පන ගලා කණ් බෙරයේ තුළට ඇනී

නංවන දෙයක් හිත "හඬ" ලෙස හඳුන ගනී

රැස්වුන සියළු නම්-ගොත් එක ලෙසින් දැනී

දන්වන හැඟුම "වචනය" ලෙස හැඳින් විනී


නොයෙක් වර්ණ, රූපය ලෙස සිත  දන්නා

හිතක් හඟින හඬ  මුවකින් නොම එන්නා

දෙයක් පිටත නැති බව නුවණින් දන්නා

අයෙක් නිවන් දොරටුව වෙත පිය මැන්නා

Comments

Popular posts from this blog

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

26-04-2025: සාවකෝ : බුදුදහම ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්නද ?