07-09-2024: සාවකෝ - හිතක් රිදෙව්වොත් මොකද වෙන්නේ?

 *මෙත්තාරාම ස්වාමීන්වහන්සේගේ ස්‍රාවකෝ දේශනාව ගැන*


මෙත්තාරාම හිමි අප හැම වැඩ කැමති

සුවයෙන් -සැපෙන් වේදැයි විමසා බලති

වෙන්නට තවත් සුවපත්, දහමින් බලැති

කල යුතු පටිපදා සහ මග ගැන දෙසති


බදා හඬන සෝ දුක් සහ හැම ගැහැට

හදා ගත්ත හැඟුමකි වැටහෙන සිතට

රඳා ගැනුණු ආගන්තුක උප කිළුට

සදා දුකම දෙයි කෙලෙසුන් ඇති සතට


ගෙනෙන නොයෙක් අරමුණු සය දොරින් නිතී

දැනෙන විදිහ ලෝකය යයි හඳුන ගතී

ලැබුන දෙයින් තුටු වීමට පුරුදු ඇතී

නිවෙන මඟින් සැම නිවනට ලඟා වෙතී


කැමති දෙයක් සහ අකැමැති වෙන් කෙරුව

නොමැති සැබෑ ලොව එයමයි මහ බොරුව

සිතැති ලෙඩට මොහඳුරු දුරු කර, දැරුව

දිනති මරුන් පරදා කෙලෙසුන්  දුරුව


ඇලෙන ගැටෙන සැම දේවල් සිත් මානේ

තියෙන දෙයක් නොව වාගෙයි රෑ හීනේ

දකින කලට නුවණින් දුරු කර මානේ

තිබෙන වස්තු කාමය දුරු වෙනවා නේ!

Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?