2024-08-10 : සාවකෝ -හේතු වල ඇති රහස

 *වොස්සග්ග ධම්ම ස්වාමීන්වහන්සේගේ ශ්‍රාවකෝ දේශනාව ගැන*


පොල් ගහවෙල සමිඳු ගරු දම් වොස්සග්ග

දල් වා දෙනෙත්, මුව මත සිනහව නැග්ග

මුල් ගලවන්න කෙලෙසුන් සිත තුල ලැග්ග

කල් නොයවාම තෙපලති නිවනට මග්ග


කලකින් ලැබුණ මේ මිනිසත් බව දුලබ

මැනවින් යොදා යන්නට නිවනට එලබ

දකිමින් සෑබෑ මාවත කරදර නොලැබ

නිදුකින් ලැබේවා!  දහමත් වී සුලබ


සිතා සිටින දේ "ලොව පවතියි" දුටුව

යථා අයුරු නොව එය වෙයි මිසදිටුව

තථා ගත දමින් මුල සමගින් නටුව

ඉතා හොඳින් මිදුවොත් යයි සිත තුටුව


රැසක් හේතු ගැලපී වෙන විදු-මාන

එකක් නොවේ ඇස්බැඳුමකි එහි පේන

කයක් ලෙසින් දුටුවොත් දුරුකර මාන

ලොවක් දිනුම, ඒ දිනුමට වෙයි හීන


ඇත ද - නැතද අසමින් කෙරුවොත් වාද

එත න තිබේ ශස්වත සහ  උච්ඡේද

සත ට හේතු ඵල ලෙස නුවණැස පාද

සිතට දැනෙන දා ලොව මඟුලක් නේද


වතුර නොමැති මිරිඟුව, ඇති ලෙස පෙනෙන

ඉතිර "එකක්" නැත මෙය හැඟුමකි දැනෙන

තිදොර  වෙරෙන්  නිතරම සංවර  කරන

සසර කෙටියි,  ඔබ හට මහ පිං පිරුණ

Comments

Popular posts from this blog

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය

17-05-2025: සාවකෝ : ඔබ රසයට ඇලිල ද?

2025-09-13: සාවකෝ-ප්‍රශ්න එන එක නිවනට බාධාවක් ද?