2024-08-03: සාවකෝ -ආස දේවල් ලං කරගන්න හිතෙනවද?
*මෙත්තාරාම ස්වාමීන්වහන්සේගේ ශ්‍රාවකෝ දේශනාව ගැන*
බැස දම් දෙසන අසුනේ වැඩ හිඳ මහරූ
අස නීපෙන්ද ?විමසන, සිනහව පැතිරූ
දෙසමින් දහම් දක්වන "ගොඩයන" අයුරූ
මිස මෙත්අරමෙ හිමි වෙද අන් අය කවුරූ
ඉන්නේ අහන්නද සඳහම් දම් දෙසුම
දන්නේ නැතිද එය දෙන බව දුක උරුම
යන්නේ කොහෙද මල්ලේ පොල් වැනි අරුම
ගන්නේ මෙවැනි උත්තර තේරුම් කොහොම
සඳහම් දෙසන තැන නැත ඝෝෂා සද්ද
නිදහස් ලෙසින් ශ්‍රවණයකට ඉඩ නැද්ද
අදහස් මෙසේ විය යුතුයැයි පොදි බැන්ඳ
උදහස් කරයි දී පීඩා - දුක් කන්ද
ඇති කල සිතේ යම් දෙයකට වැඩි නැඹුරූ
වෙති සිත ලොබින් එහි බැඳෙමින් වී අඳුරූ
නිති පීඩාව සහ අසහන ගති පැතිරූ
දෙති ඒ සිතම එම සිතටම වෙයි නපුරූ
එකම විදිහ දුර ලන්නට මෙම සෝකේ
දැකුම හේතු ගැලපෙන ක්‍රමයයි ලෝකේ
පැතුම නැතිව පිළිගත්තොත් එවිපාකේ
කිසිම දුකක් නැත ඔබහට කිසිදාකේ
දැක්කම ලොවේ ඇති දේ හැටියට වටිනා
රැක්කම හොඳයි සැනෙකින් සිත එහි බැඳුනා
ඇත්තම දකින්නට එම බැඳුමෙන් මිදෙනා
උත්තම මුණිඳු අවැසිය සිත වෙත වඩිනා
සොයා යෑම සැප, සිතමින් ඉතා සොඳ
ගියා වගෙයි දිය සුලියේ මැදට වැද
පියා යන්න අපහසු සැඩ පහර බිඳ
භයානකයි ගොඩයාමට නොහැකි වෙද
හද බැඳ තබන රූබර හැඩ අය තරුණ
හොඳ කඩවසම් මහතුන් මස්පිඬු පිරුණ
තද මහ පොළොව, මඩගොහොරුව පය එරුණ
වෙද එක තැනුම් ඒකකයෙන් ගොඩ නැගුණ
අසන දහම් හොඳ හැටි හිත තබාගෙන
යොදන අයට සිහියෙන් ඉඳ සියලු තැන
මිදෙන අයුරු සිත කෙළෙසුන් ඉවත් වන
නිවන නොවෙයි දුර විගසින් සැපත් වෙන
Comments
Post a Comment