ඇම

 යොතක් සහ පිත්තක්

එහි ගැටගැසුව කොක්කක්
අමුණා ගෙන ඇමක්
මාලු අල්ලයි කෙනෙක් දවසක්


කොක්කේ තියුණු උල
නොපෙනෙයි ඇමෙන් වටකල
රසයෙන් වසගකල
මසෙකු ඇදුනා වෙතට මර'ගුල

ඇම ගිල්ල සැනෙණි
ඒ උල කටේ ඇණුනි
තදින් එහි බැදුණී
මරණ සම වූ දුකට වැටුණී

නිසයි අණුවන කම
මාලුව ගිල්ලෙ ඒ ඇම
කිව්වත්  අය එහෙම
ඊට ඉහලයි අපේ "ගොන්කම"

විදින සැප පස් කම්
සුවදෙයි , හැගෙයි මනරම්
සැපෙහි දුක කොතරම්
වේද දැක ගමු තුලින් සදහම්

රූපය , රසය , ශබ්දය 
ස්පර්ශය , කැමති ගන්ධය
"ඇම" පහක් ලෙස බය
දුටුව දවසට ඔබට වෙයි ජය!

දැක ලොවෙහි ඇති දොස්
නිවනේ තියෙන අනුසස්
නැසුමට සැම කෙලෙස්
දකිමු නුවණින් චතුර් අරිසස්

Comments

Popular posts from this blog

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

01-03-2025: සාවකෝ : අනිච්ඡ දුක්ඛ අනත්ථ කර්මස්ථානය