අම්බලම

 යනවිට  දුර ගමන්

වාහන නොමැත අද මෙන්
කදු හෙල් වල උඩින්
ගමන සිදුවිය දෙපා ගමනින්

සැතැපුම් හත අටක්
යන විට ගෙවෙයි දවසක්
රැය ගෙවන විදිහක්
සිතා හැමදෙන සොයති නිවසක්

පා ගමනින් වෙහෙස
වෙලා පැමිණෙන  එපිරිස
ගිම් නිමවන පිණිස 
"අම්බලම්" සාදා  තිබුණි එදවස

සිව් දිගින් එන අය
රැස්වී ගෙවති එහි රැය 
එළඹුණු විට උදය
වෙන්ව යති හැර දමා ඒ ගෙය

ගෙවන ජීවිත  ගමන
අම්බලම තුල ගතවෙන
රැයක් මෙන් දැකගෙන
ඉන්න තරයේ කරමු අදිටන

මව් පිය දුවා දරු
රැකියා නම්බු තනතුරු 
මේ රැය ගෙවන තුරු
තියෙන දේවල් පමණි සුමිතුරු 

අතැර මේ දේ හැම
යන්නෙමි කලට අලුයම 
කී දේ මගේ - මම
එන්නෙ නැහැ අපි යන්නෙ තනියම 

කළොත් කිසි පාපය
පාඩුව දහස් වාරය
ලොවෙහි නැත සාරය
ඉන් මිදෙන එක අපට භාරය.

Comments

Popular posts from this blog

07-06-2025: සාවකෝ :හිතත් එක්ක යන ගමන

24-05-2025: සාවකෝ :ජීවිතයට වෙනසක් හොයන්නේ ඇයි ?

26-04-2025: සාවකෝ : බුදුදහම ඕනේ පීඩාවෙන් නිදහස් වෙන්නද ?